
ශ්රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබල ගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ව්‍යාපාරික දැනුම ලබාදෙන http://www.diriya.lk වෙබ් අවකාෂය හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ලෝක බැංකු සමූහයේ සාමාජික) සහ පිළිගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් බලගන්වනු ලබන http://www.diriya.lk වෙබ් අවකාෂය, ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික දැනුම, අවබෝධය, විශේෂඥ උපදෙස්, ක්ෂණිකව බාගත කළ හැකි අන්තර්ගතයන් සහ ව්‍යාපාරික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වන පහසුකම්වලින් සමන්විත වේ. සිය ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ආරම්භ කිරීමට සහ කළමනාකරණය කිරීමට අවශ්‍ය කරන ව්‍යාපාර කළමනාකරණ අවබෝධය සහ දැනුම ලබාදීම හරහා අතිශය තරගකාරී වර්තමාන ව්‍යාපාරික ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ව්‍යවසායකයන් අභිප්‍රේරණය කිරීම සහ බලගැන්වීම, මෙම වෙබ් අඩවිය මඟින් සිදු කෙරේ.
සමාජ නවෝත්පාදන වැඩපිළිවෙළක් වශයෙන් ඩයලොග් ආයතනය විසින් http://www.diriya.lk වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක දෙකක් වන (8) පිළිගත් රැකියාවක් සහ ආර්ථික වර්ධනය හා (9) කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් සමඟ අනුගත වූ මූලාරම්භයක් ලෙසයි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට සහ ගනුදෙනුකාර භවතුන්ට එම ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදෙමින්, රට තුළ නව ව්‍යාපාර බිහිකර ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් අතර ව්‍යවසායකත්ව මානසිකත්වයක් නිර්මාණය කිරීම, ඩයලොග් ආයතනයේ අරමුණ වී තිබේ.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1145
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඩයලොග් Diriya.lk වෙතින් ව්‍යවසායකයන්ට දැනුම
Sameera sandaruwan Thursday, 23 December 2021 06:30 AM
ක්‍රිකට් බැට් සැදීමට එම ලී පදම් කිරීමට හා බර අඩු කිරීමට ගන්න කෙමිකල් මොනවද