IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩෙන්ටල් වන් වෙතින් නව වසරේ ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නකු වන ඩෙන්ටල් වන් ජාලය, නව වසරේ ඔබගේ සිනහව තවත් සුන්දර කරගනිමින් නව වසර ධනාත්මකව ආරම්භ කිරීමට සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම් කරයි.

සුන්දර සිනහවක් සඳහා යහපත් මුඛ සහ දන්ත සෞඛ්‍ය සනීපාරක්ෂක පුරුදු අනුගමනය කළ යුතු වෙනවා වගේම පිළිගත් දන්ත සායනයක් වෙතින් සිනහව වැඩි දියුණු කිරීමේ ප්‍රතිකාර, ප්‍රතිකාර ක්‍රම ලබාගත හැකි බව ඩෙන්ටල් වන් ආයතනය සඳහන් කරයි. ඩෙන්ටල් වන් වෙතින් සපයනු ලබන සිනහව ඔප් නැංවීමේ ප්‍රතිකාර (Smile Enhancement)  මඟින්  ආත්ම විශ්වාසය  මෙන්ම ආකර්ෂණීය පෙනුමද වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඇතැයිද එම ආයතනය කියයි. වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයකුට මෙම ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමේ හැකියාව තිබෙන අතර විවාහ මංගල්‍යයට සූදානම් වන මනාල මනමාලියන් සඳහා මෙය විශේෂයෙන් සුදුසු වේ.

නවීනතම පහසුකම් සහිත උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප්‍රතිකාර සේවා ලබාදෙන විශේෂිත දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඩෙන්ටල් වන් ආයතනය මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් පුළුල් මුඛ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව පවතී. ඩෙන්ටල් වන් සියලු‍ම ශාඛා මඟින් රෝගීන්ට පුළුල් පරාසයක මුඛ සෞඛ්‍ය සේවා සපයන අතර සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා යටතේ රෝගීන්හට මුඛ පරීක්ෂණ, විදුරුමස් රැකවරණය, පිරවුම්, දන්ත මූල වැනි ප්‍රාථමික දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ තවත් බොහෝ ප්‍රතිකාර ලබා ගත හැක. දන්ත කුහර ඉවත් කිරීම හා අලුත්වැඩියා කිරීම, අනතුරු හෝ වැටීම් හේතුවෙන් ඇතිවන දත් බිඳීම් අලුත්වැඩියා කිරීම, විකලාංග දන්ත වෛද්‍ය සේවාද (ඕතොඩොන්ටික්ස්) ඩෙන්ටල් වන් වෙතින් ලබාගත හැකිවේ.

එමෙන්ම ළමා දන්ත සේවා සැපයීමේ දී වේදනාව අවම කොට ඔවුන්ගේ ළමා මනසින් බිය තුරන් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වයි. තවද ක්‍රීඩා  දන්ත ආරක්ෂණ සේවා හරහා ක්‍රීඩාවලට සහභාගීවීමේ දී දත් සහ මුඛය ආරක්ෂා කර ගැනීමට විද්‍යාත්මකව නිපදවන මුඛ ආරක්ෂක සහ විදුරුමස් පලිහ, මුහුණ තුවාල වීම අවම කිරීම සඳහා ආරක්ෂිත පැළඳුම් ද ලබාගත හැක.

595



අදහස් (0)

ඩෙන්ටල් වන් වෙතින් නව වසරේ ඇරයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site