( තිළිණි ද සිල්වා )
ඩිජිටල්කරණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර නව ගිවිසුමක් ලබන සතියේදී අත්සන් කෙරෙන බව විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
අනින්දා (10) දිවයිනට පැමිණෙන ෆින්ලන්ත ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී මෙම නව ගිවිසුමට එළැඹෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
මෙම නව ගිවිසුමට එළැඹීම සඳහා වන කැබිනට් අනුමැතිය මේ වන විට හිමි වී ඇත.
ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අත්සන් තැබෙන මෙම ගිවිසුම මඟින් මෙරට සයිබර් ආරක්ෂණය , ඉ-රාජ්‍ය ක්‍රමවේද ඩිජිටල් සේවා සහ අත්‍යවශ්‍ය සන්නිවේදන ක්‍රම ඇතුළත් අන්තර්ජාල සම්බන්ධතා යන අංශ විශේෂයෙන් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය ක්ෂේත්‍රයන්හි සහ යෝගිතාව වර්ධනය වනු ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පින්ලන්තයේ ශ්‍රිලංකා අගමැතිතුමා කරන ලද සංචාරයේ ප්‍රතිඵලයකි.
මේකෙන් කියන්නේ ලංකාවේ රාජ්‍ය අමාත්‍යංශ ඩිජිටල් කරණය කරන්නේ පින්ලන්තේ කොම්පැනි වලින්. ලංකාවෙන් පින්ලන්තෙට සල්ලි දෙනවා ඒවා කරන්න අපි කලයුතුවෙන්නේ පින්ලන්තේ මෘදුකාංග සමාගම් එක්ක හවුල් වෙලා මෙහෙ නිෂ්පාදන කරන්න යුරේපෙට විකුනන්න. එත් අපිට කරගන්න පුළුවන් දේවල් අපි විකුනනවා. මොනවා වුණත් පින්ලන්තේ මෘදුකාංග නිෂ්පාදනය අතින් ඉහල තැනක ඉන්න රටක්.
රටේ ජාතියට ගැලපෙන ස්වාසිලන්තය වැනි රටවල් ලෝකේ තියෙද්දී, ෆින්ලන්තය වැනි රටක් සමඟ මොකටද ගිවිසුම් ගහන්නේ? සමාජ සිරිත් විරිත් හා ගෝත්‍රික ආකල්ප වලින් එක හා සමාන අපට, ඔවුන් සමඟ බෙදා හදා ගන්න කොතරම් දේවල් තියනවද?