IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ටී.වී.එස් ‘මොටෝ සෝල්‘ යතුරුපැදි සැණකෙළිය ඉන්දියාවේ ගෝවේහිදී උත්කර්ෂවත් ලෙසින්

(ශානුක අරවින්ද) 

TVS යතුරපැදි සමාගම සංවිධානය කළ MotoSoul යතුරපැදි සැණකෙළිය දින දෙකක් පුරා ඉන්දියාවේ ගෝවේ නගරයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය ඇතුළු TVS යතුරුපැදි වෙළෙඳ පොල පවතින සියලූම රටවල් නියෝජනය කරමින් නිලධාරීන්, කී‍්‍රඩකයන්, මාධ්‍යවේදීන් සහ නරඹන්නන් විශාල පිරිසක් මෙම යතුරපැදි සැණකෙළියට සහභාගි වූහ.

TVS ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, සහකාර සාමාන්‍යාධිකාරී ගීතාල් ඇන්තනී, අළෙවි ප‍්‍රධානී උෂාන් විජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වූහ. කළාප කළමනාකරුවන්, ප‍්‍රදේශීය කළමනාකරුවන්, අළෙවි විධායකවරුන්, අළෙවි නියෝජිවරුන්, TVS Apache සංගමයේ නිලධාරීන් පිරිසක් සහ දිනුම් ඇදීමකින් තෝරාගත් පාරිභෝගිකයන් පිරිසක් එම කණ්ඩායමට ඇතුළත් වූහ. 

MotoSoul සැණකෙළියේදී යතුරුපැදි කී‍්‍රඩකයන් වෙනුවෙන් මෙන්ම යතුරුපැදි භාවිතා කරන්නන් වෙනුවෙන්ද නව උපාංග රැසක් වෙළඳ පොළට හදුන්වා දීමට TVS සමාගම පියවර ගත්තේය. එහිදී යතුරුපැදි කී‍්‍රඩකයන් වෙනුවෙන් නවතම හිස් ආවරණ, ආරක්ෂක කබා, ආරක්ෂක කලිසම්, අත් ආවරණ සහ පා ආවරණද, යතුරුපැදි භාවිතා කරන්නන් වෙනුවෙන් නව කමිස, කබා, කලිසම්, බෑග්, සපත්තු, හිස් වැසුම් සහ අව් කණ්නාඩිය වෙළඳ පොළට හඳුන්වාදුන්වා දෙනු ලැබිණ. 

යතුරපැදි කී‍්‍රඩා, ජවය මැන බැලීමේ කී‍්‍රඩා, වීඩියෝ කී‍්‍රඩා සහ විනෝද ජනක කී‍්‍රඩා රැසකින් ඵදඑදීදමක සැණකෙළිය වර්ණවත් වූ අතර එම තරගවලදී ජයග‍්‍රහණ ලැබූවන්ට වටිනා ත්‍යාග ලබාදීමටද TVS යතුරපැදි සමාගම කටයුතු යොදා තිබිණ. ශ්‍රී ලංකාවේ TVS රේසිං යතුරුපැදි කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම TVS Apache  සංගමයේ සභාපතිවරයාද වන දිල්ෂාන් රූපසිංහ, යතුරපැදි සහ ජවය මැන බැලීමේ කී‍්‍රඩා ඉසව් සඳහා සහභාගි වෙමින් දස්කම් දැක්වීය. 

මෙම යතුරපැදි සැණකෙළියේදී අදහස් දක්වමින් TVS සමාගමේ සම කලමණාකාර අධ්‍යක්ෂක සුදර්ෂන් වේනු මහතා කියා සිටියේ 1982 වසරේ සිටම TVS යතුරුපැදි තරග ඉදිරියට ගෙන ගියේ එම තරග සඳහා උනන්දුව තිබූ තරුණයන්ගේ රුචිය අනුව බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය. 

රවී ලියනගේ මහතා

”වැඩි දෙනාගේ අවධානයට ලක්වූ යතුරුපැදියක් වන TVS Apache කාණ්ඩය සහ TVS NTorq 125   කාණ්ඩය බොහෝ තරුණයන්ගේ තේරීමක් වුණා. මෙම කාණ්ඩ දෙකම ඉන්දියාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් ඉතාමත් වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා. ඒ වගේම එම යතුරුපැදි ඉතාමත් වේගවත් බවටත් වැඩි දෙනාගේ අවධානයට ලක්වෙමින් තිබෙනවා. මෙපමණ පිරිසක් MotoSoul සැණකෙළිය නැරඹීමට පැමිණීමෙන් එය තවත් තහවුරු වෙනවා.” යැයිද එහිදී සුදර්ෂන් මහතා සඳහන් කළේය. 

TVS ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම අළෙවියක් සහිත යතුරුපැදි සන්නාමයක් ලෙස TVS යතුරුපැදි හැදින්විය හැකි බවයි. ” MotoSoul සැණකෙළියට සහභාගි වූ වැඩිම පිරිසකගෙන් සමන්විත විදෙස් කණ්ඩායම වීම සම්බන්ධයෙන් TVS ලංකා සමාගම ලෙස අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ඵදඑදීදමක සැණකෙළියේදී අපිට නවතම TVS නිෂ්පාදන රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ TVS  පාරිභෝගිකයන් සඳහාද එම නිෂ්පාදන හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 

ගෙවී ගිය වසර 37 ක කාලය තුළ ලොව පුරා සුපර් ක්‍රොස් තරග, මොටෝ ක්‍රොස් තරග සහ යතුරුපැදි රැළි ගණනාවකදී ජයග‍්‍රහණ අත්කරගැනීමට TVS රේසිං කණ්ඩායම සමත්වී තිබේ. ඉන්දියාව තුළ යතුරුපැදි කී‍්‍රඩකයන් මෙන්ම කී‍්‍රඩිකාවන්ද ඇතුළත්ව සිටින එකම රේසිං කණ්ඩායම වන්නේද TVS කණ්ඩායමයි. 2015 වසරේ සිට නොකඩවා ලොව ප‍්‍රධානතම රැළිය වන ඩකා රැළියටද සහභාගි වන TVS රේසිං කණ්ඩායම, මේ දක්වා ලොව පුරා විවිධ යතුරුපැදි තරගාවලි වලදී ජයගෙන ඇති ශූරතා සංඛ්‍යාව 15 කි.

 



අදහස් (0)

ටී.වී.එස් ‘මොටෝ සෝල්‘ යතුරුපැදි සැණකෙළිය ඉන්දියාවේ ගෝවේහිදී උත්කර්ෂවත් ලෙසින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site