IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් ලිමිටඩ් චීනයේ Lovol සමගින් හවුල්කාරීත්වයක

TPL සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ රනිල් එච්. ප්‍රනාන්දු (වමේ) සහ Lovol Heavy Industry සමූහයේ දකුණු ආසියානු කලාප කළමනාකාර අලි ෂී (දකුණේ) යන මහත්වරු


ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් ලිමිටඩ් (TPL) සමාගම චීනයේ Lovol Heavy Industry Group Co. සමගින් හවුල්කාරීත්වයකට පිවිසි බව නිවේදනය කර සිටියි. ඉදිකිරීම් උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් වන Lovol  සමාගම, එක්සත් ජනපද ඩොලර් බිලියන 30 වටිනාකමක් සහිත Fortune 500 සමාගම් අතර පවතින චීනයේ Weichai  සමූහයට අයත් සමාගමකි.

ඒ අනුව මෙම හවුල්කාරීත්වයත් සමගින් Lovol  සතු ඉදිකිරීම් උපකරණ අතර පවතින වීල් ලෝඩර්ස්, එක්ස්කැවේටර්ස් (ක්‍රෝලර් සහ වීල්) බැකෝ ලෝඩර්ස්, ස්කිඩ් ස්ටියර් ලෝඩර්ස්, බුල්ඩෝර්සර්ස්, ෆෝර්ක්ලිෆ්ට්ස් සහ මෝටර් ග්‍රේඩර්ස් යනාදිය ඉදිරියේදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හිමි වනු ඇත. 

මෙම ලෝක මට්ටමේ යන්ත්‍ර සියල්ලම ඉදිකිරීම් කර්මාන්තය, වාණිජ, ගෘහස්ථ හෝ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන ඉල්ලු‍මට අනුව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. අද වනවිට ලොව පුරා රටවල් 120කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සිදු කරන Lovol කල්පැවැත්ම, කාර්යක්ෂමතාවය සහ විශ්වාසනීය නිෂ්පාදන සම්බන්ධයෙන් විශ්වාසය දිනා ගෙන තිබේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වන ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් (පෞද්) සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ රනිල් එච්. ප්‍රනාන්දු මහතා, “ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවේදී විශ්වාසදායක සහ වඩාත් පිරිමැසුම්දායක යන්ත්‍ර සඳහා වන ඉහළ පාරිභෝගික ඉල්ලු‍මක් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ Lovol නියෝජනය කිරිමට හැකිවීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වන අතර කිසිදු ආකාරයක ගුණාත්මක බවට හානියක් නොවී, පාරිභෝගික බලාපොරොත්තු සමගින් නිසි ලෙස ගැළපෙන ආකාරයට වඩාත් නවෝත්පාදන නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරිමටත් අපට හැකියාව තිබෙනවා.“ යනුවෙන් පවසා සිටියේය.
සේවා කර්මාන්තය තුළ ට්‍රේඞ් ප්‍රොමෝටර්ස් (පෞද්) සමාගම හිමි කරගෙන ඇති පිළිගැනීම විශ්වාසය මත ගොඩනැගුණක් බව සමාගම පවසයි. එහිදී උපාංග, අමතර කොටස් සහ සහතිකලත් තාක්ෂණවේදීන් 100කට අධික සංඛ්‍යාවකින් යුත් කණ්ඩායමත් සමගින් සමාගම වසර 50කට අධික කාලයක් පුරා සිය පාරිභෝගිකයන් වෙත ඉංජිනේරුමය සහයෝගය දැක්වීමට අවස්ථාව හිමිව තිබේ.

මෙලෙස සිය නිෂ්පාදන කළඹ වෙත Lovol  එකතුවීමත් සමගින්, ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් (පෞද්) සමාගම ජනතාව වෙත විශ්වාසය තැබිය හැකි තාක්ෂණය ලබාදීමේ සිය මාර්ගය තවදුරටත් පවත්වාගෙන යන බවත් තහවුරු කර සිටියි.



අදහස් (0)

ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් ලිමිටඩ් චීනයේ Lovol සමගින් හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site