IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජර්මනියේ ‘BioFach 2025’ දී ලංකාවේ නිෂ්පාදනවලට ඇණවුම්

යොහාන් භාසුර
ජර්මනියේ නියුරම්බර්ග්හි පැවති ලොව විශාලතම වාර්ෂික කාබනික වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘BioFach 2025’ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සාර්ථක කුටියක් ඉදිරිපත් කළේය. 
ආහාර සහ පාන වර්ග, කුළුබඩු, තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, පලතුරු හා එළවළු සහ ආරක්ෂිත භූගෝලීය දර්ශක සහතික කළ ලංකා කුරුඳු නිෂ්පාදන ඇතුළු සහතික කළ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකික අපනයන සමාගම් නවයක් මෙම අවස්ථාවට සහභාගී විය.
ලොව පුරා සිටින කාබනික නිෂ්පාදකයන්, අපනයනකරුවන් සහ ගැනුම්කරුවන්ට සම්බන්ධ වීමට, ව්‍යාපාරික අවස්ථා හුවමාරු කර ගැනීමට සහ කාබනික කර්මාන්තයේ නවතම ප්‍රවණතා ගවේෂණය කිරීමට බයෝෆැච් විශිෂ්ට වේදිකාවක් සැපයීය. ශ්‍රී ලාංකික මණ්ඩපය, ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ කර්මාන්ත වෘත්තිකයන් ආකර්ෂණය කර ගනිමින්, ශ්‍රී ලාංකික කාබනික නිෂ්පාදන සඳහා ගෝලීය පිළිගැනීම වැඩිදියුණු කළේය.
වෙළෙඳ ප්‍රදර්ශනයේදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 0.2 කට වඩා වටිනා තහවුරු කළ ඇණවුම් ගැනීමට සමාගම් සමත් වී ඇති අතර සාකච්ඡා අදියරේ පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 0.83 කට වඩා වටිනා ඇණවුම් හිමිවූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කීය.



අදහස් (0)

ජර්මනියේ ‘BioFach 2025’ දී ලංකාවේ නිෂ්පාදනවලට ඇණවුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site