ශ්රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව 113%කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
කොළඹ බ්ලූමැන්ඩල්හි පිහිටි ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ මූලික ව්‍යාපාර වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම වේ.
HFO 380, HFO 180 සහ MGO ඉන්ධන ගබඩා කළ හැකි විශාල ටැංකි 13ක් මෙම සමාගම සතුය. එහි සම්පූර්ණ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 35 000ක් වේ. එම සමාගම 2015 වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 36ක් වේ. 2016 වර්ෂයේදී එම ලාභය මිලියන 77 කි. එහිදී 2015 වසරට සාපේක්ෂව 2016 වර්ෂයේදී තම විකුණුම් වියදම රුපියල් මිලියන 96 සිට 92 දක්වාද, පරිපාලන වියදම රුපියල් මිලියන 64 සිට මිලියන 55 දක්වා අඩු කිරීමටද සමාගම සමත්ව සිටී. ආයතනය සුරකීම මුල්තැනට ගෙන කළමනාකරණ සැකසුම් සැකසීම මෙම ජයග්‍රහණයන්ට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
“අපි මේ රටේ තියෙන ප්‍රධාන ආයතන ආරක්ෂා කළේ නැත්නම් අපිට ඉදිරි අනාගතයට භාරදෙන්න ඉතිරි වෙන්නේ හිස් රටක්. නමුත් අපි ලාභ ලබන ගමන් ඒ මුදල් රජයට යනවා. රජය ආරක්ෂා වෙන්නේ මෙවැනි ආයතන නිසා‘ යැයි ද ඇමැතිවරයා එහිදී කීවේය.
COMMENTS
"වරාය" කියන ආයතනය සමස්තයක් වශයෙන් ගන්නේ නැතිව ඒකේ ආදායම් ලැබෙන කොටස පමණක් වෙන් කරලා එම කොටසේ ආදායම සහ වියදම ගණනය කලාම මේවගේ ලාභයක් පෙන්වන්න පුළුවන් . මේ කියන තෙල් සැපයීමේ සමාගමෙන් නැව් වලට තෙල් ලබාගන්නේ ඒවා බඩු බෑමට සහ පැටවීමට කොළඹ වරායට එන නිසයි . එහෙම නැතිව මේ කියන ආයතනයෙන් තෙල් ලබා ගැනීමට පමණක් නැව් එනවා නම් මේගොල්ලන්ගේ ලාභ ගැන කතා කලාට කමක් නැහැ . මේකත් හරියට අර මීට ටික කලකට පෙර "ලංවිම" ලාබ ගත්තා කියලා කිව්වා වගේ තමයි .
එහෙනම් තව කීප දෙනෙකුට සැප වාහන, රට සවාරි එහෙම ලැබෙයි
2015 ට සාපේක්ෂව ඉතුරු කරපු මුදලින් ඔබතුමාගේ සග නියෝජ්‍ය ඇමතිගේ වාහන ටික ගන්න පුලුවන්ද ? කෝ ඉතුරුකරන්ව කිවුව, පසුගිය ආණ්ඩුව කාලේ කෙරුනා කියන දුෂණ ඔය මුදල 2015 දී රුපියල තිබුණු මුදලට බැලුවොත් දැනටත් එදාට වඩා අඩුයි. ඩොලරයට සාපේක්ෂව රුපියල 133 සිට 153 ට ගිහිල්ල . 15% බාල්දු වෙලා.
ඒකද වරාය මෙහෙයුම් චීනෙට ඉන්දියාවට විකුනන්නේ? අනේ නිකන් යන්න අර්ජුන යන්න මිනිස්සු ගොනාට අන්දන්නතුව. අනිත් කාරණේ ඔය ගාන ඇමතිලා 2කත වාහන 2ක් ගන්නත් මදි නේද?
අයියෝ ඔය මුළු ආයතනයක්ම අවුරුද්දක් තිස්සේ මැරිලා මැරිලා අරන් තියෙන්නේ ආණ්ඩුවේ ඇමතියෝ/නියෝජ්‍ය ඇමතියෝ 2 කුට වාහන ගන්න යන ගානටත් අඩු ගානක්නේ! ෆොන්සේකාගේ වගේනම් එක වහනයක් ගන්නත් මදි ඔය ගාන! ඕකද මහාලොකු මාධ්‍ය සංදර්ශනයක් තියල මාධ්‍යට දීල තියන ප්‍රවෘත්තිය?
බොහොම හොඳයි. ඔය නොකියා කියන්නේ හම්බන්තොට විකුනන්න එපා කියලනේ. ඉතින් ලාබ අරන් පෙන්නන්නකො. අවුරුදු 2ක් ගියානේ. කීයක් ලාබද?
ලාබ ලැබීම හොඳයි.තව උනන්දු උවහොත් ලාබ වැඩිකරමු.
කාගේ කාගේද සාක්කුවලටද ඔය සල්ලි යන්නේ?
අර්ජුන, කාටවත් නොකියා අපි ඔය ලාබේ බෙදා ගමුද?
ඔය බොරු,පරිපාලන වියදම් අඩු නෑ.සේවකයන්ට කුඩම්මාගේ සැලකිලි .
ඕව මහජනයාගේ සල්ලි .. අයේ නත්තල්ගස් හදල කාබාසිනියා කරනවහෙම නොවෙයි ..රටේ සංවර්දනයට යෙදවිය යුතුය ..,
ඕවා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ වැඩ. පාඩු නැහැ නේද? " අල වගේද? ගෝවා" කිව්වලු.