IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජපානයේ නිපොන් පදනමෙන් ලංකාවට ආධාර

දේශීය ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සංවිධානයක් වන ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝහණ වඩුගේ මහතා විසින් ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ ජපානයේ Nippon donation foundation සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂධුරය දරන ආචාර්ය රුවන් පෙරේරා මහතාට කරන ලද ඉල්ලීමකට අනුව නිපොන් ඩොනේෂන් පදනම ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන දහයක මුදලක් පසුගියදා පරිත්‍යාග කළේය.

Nippon donation foundation සංවිධානය මගින් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට මෙලෙස ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා එම සංවිධානයේ ගරු සභාපති යූමා මුරනුශි සහ එම සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා යන මහත්වරු ඇතුළු ජපන නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

මූලික ආධාර ප්‍රදානය පිළිබඳ සහ ඔවුන් විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කිරීමට නියමිත ජපාන ව්‍යාපාර ආයෝජන සහ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජපානයේ තිබෙන ව්‍යාපාර අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන්, ‘‘ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාර හමුවක්  ද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී දිවයිනේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් විද්වතුන් සහ ජපාන ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ ප්‍රධාන ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්, මේ මොහොතේ අත්‍යවශ්‍ය වන විදේශ මුදල් ආයෝජන, විදේශ ආධාර සහ දේශීය ව්‍යාපාර සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීම සඳහා  ජාතික කර්තව්‍යයක් මේ මොහොතේ ඉටු කරන ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝෂණ වඩුගේ මහතාගේ මැදිහත් වීම හරහා ජපානයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආචාර්ය රුවන් පෙරේරා මහතා ඒ සඳහා ඔහුගේ සම්පූර්ණ දායකත්වය ලබා දී ඇත.
ආචාර්ය රුවන් පෙරේරා මහතා ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ගත් අභිමානවත් ව්‍යාපාරිකයෙකි. ඔහු වසර තිහකට අධික කාලයක් ජපානයේ ජීවත් වෙමින් ගොඩනගාගත් සම්බන්ධතා සහ ව්‍යාපාරික අවස්ථා යොදාගනිමින් ජපානය හරහා මේ වන විටත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන සයයකට අධික මුදල් ආයෝජනයක් කර ශ්‍රී ලංකාවට දැවැන්ත දායකත්වයක් ලබා දෙමින් සිටී.

ඔහු විසින් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ colombo international හෝටල් සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා මුදල් විශාල වශයෙන් ආයෝජනයක් කර ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.

තවද ඔහු විසින් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා මේ වන විටත් මුදල් විශාල වශයෙන් ආයෝජනය ජපානය හරහා සිදුකර ඇත.
ආචාර්ය රුවන්  පෙරේරා මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාව හරහා ජපානයේ රැකියා වෙළෙඳ පොළ් ශ්‍රී ලංකාවට ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටී.

නුදුරේදී ජපාන ව්‍යාපාර දූත පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ජපාන ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමට කටයුතු කරමින් සිටී. ඒ හරහා දේශීය ව්‍යාපාර සඳහා ජපාන මුදල් ආයෝජන ලබාදීමටත් දේශීය බැංකු සඳහා ජපාන ණය ආධාර ලබා දීමටත් දේශීය අපනයනකරුවන් සඳහා ජපාන වෙළෙඳ පොළ පුළුල් ව විවෘත කර දීමටත් ඔහු වැඩිදුරටත් බලාපොරොත්තු වේ.

මෙවැනි දැවැන්ත කාලෝචිත, ජාතික මෙහෙවරක් සඳහා ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝෂණ වඩුගේ මහතාගේ මැදිහත් වීමත් සමග එක්ව කටයුතු කරමින් ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ ඉදිරි බලාපොරොත්තු ජපන් රටේ නිසි අවධානය ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ යොමු කරගනිමින් ජපන් රටේ මැදිහත්වීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉක්මනින් නගා සිටුවීමට ඔහුගේ සහ ජපානයේ නොමද සහයෝගය අප මාතෘ භූමියට ලබාදීමයි.

595



අදහස් (1)

ජපානයේ නිපොන් පදනමෙන් ලංකාවට ආධාර

www.visions.today Saturday, 16 July 2022 02:15 PM

වඩාත් හොඳ ලිපියක්...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site