IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ජනශක්ති ෆිනෑන්ස් හි 2025/2026 ප්‍රථම අර්ධයේදී ශක්තිමත්-තිරසාර වර්ධනයක්

ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී), 2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව (2025/2026 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය) තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. මෙම කාලසීමාව තුළ ප්‍රධාන ව්‍යාපාරික අංශ තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගන්නා අතරම, සිය දීර්ඝකාලීන ක්‍රමෝපායික ප්‍රමුඛතා ක්‍රියාවට නැංවීමේදී පැහැදිලි ප්‍රගතියක් අඛණ්ඩව පෙන්නුම් කිරීමට සමාගමට හැකියාව ලැබී ඇත. 

2026 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ, විධිමත් ලෙස තම සේවා එකතුව පුළුල් කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීම හේතුවෙන්, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 22 ක වර්ධනයක් සහිතව රු. මිලියන 241ක බදු-පෙර ලාබයක් වාර්තා කර ගැනීමට සමාගම සමත් වී තිබේ. එමෙන්ම සිය දීර්ඝකාලීන වර්ධනයේ ගමන් මග ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම ඔස්සේ, 2025 සැප්තැම්බර් 30 වන දින වන විට රුපියල් මිලියන 141 ක ශක්තිමත් බදු-පසු ශුද්ධ ලාබයක් වාර්තා කිරීමට සමාගමට හැකි වී ඇත. 

සමාගමේ ශුද්ධ මෙහෙයුම් ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 34 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.43 ක් ලෙස වාර්තා වූ අතර එය සමාගමේ මූලික ආදායම් උත්පාදනය සහ විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය කෙරෙහි ඇති තියුණු අවධානය පිළිබිඹු කරයි. ණය සහ අය විය යුතු ගෙවීම් එකතුව පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 49 කින් වර්ධනය වී රුපියල් බිලියන 26.7 ක් ලෙස වාර්තා වී ඇති අතර, ප්‍රධාන පාරිභෝගික කාණ්ඩ තුළ ණය දීමේ ක්‍රියාකාරකම් නැවත ආරම්භ වීම එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර සමාගමේ තැන්පතු රුපියල් බිලියන 16.9 ක් දක්වා සියයට 17 කින් වර්ධනය වී ඇති අතර, එමගින් සමාගමේ මූල්‍ය කළමනාකරණය කෙරෙහි ගනුදෙනුකරුවන් සහ ආයෝජකයන් තුළ ඇති විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව පැහැදිලි වේ. 

“මෙම මූල්‍ය ප්‍රතිඵල මගින් අපගේ ක්‍රමෝපායන්හි ශක්තිය සහ ගනුදෙනුකරුවන් හා ආයෝජකයන් අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය මැනැවින් පිළිබිඹු කෙරෙනවා. වේගයෙන් විකාශනය වන මූල්‍ය ක්ෂේත්‍රය තුළ තිරසාර, ප්‍රාමාණික සහ කාලෝචිත ව්‍යාපාර ආකෘතියක් ගොඩනැංවීම අපගේ අරමුණයි. අපගේ මූලික සේවාවන්හි වර්ධනය මගින් නිරූපණය වන්නේ, අපගේ ක්‍රමෝපායික ප්‍රමුඛතා මේ වන විට ප්‍රායෝගික සාර්ථකත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතින අතරම, ඒ ඔස්සේ ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී ඇති බවයි,”‍ යනුවෙන් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති රාජේන්ද්‍රි ත්‍යාගරාජා මහතා පැවසීය. 

“2025/2026 ප්‍රථම අර්ධයේ ප්‍රතිඵල මගින් නිරූපණය වන්නේ, අප විසින් මනා සැලකිල්ලෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල සහ පාර්ශ්වකරුවන් සියලු‍ම දෙනා වෙත වටිනාකම් තිළිණ කිරීම සඳහා අප තුළ ඇති කැපවීමයි. පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කිරීම, මෙහෙයුම් ක්‍රියාවලි ප්‍රශස්ත කිරීම සහ ණය දීමේ පදනම පුළුල් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අප සමත් වී තිබෙනවා. ඉදිරියටත් තිරසාර වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අපගේ ඩිජිටල් හැකියාව සහ පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩව ශක්තිමත් කිරීම අපගේ අරමුණයි,” යනුවෙන් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසීය. 

2025/2026 පළමු අර්ධය තුළ ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගම පෙන්නුම් කර ඇති මෙම කාර්යසාධනය මගින් පැහැදිලි වන්නේ, ආයතනික වර්ධනය සමග විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ ක්‍රමෝපායික දූරදර්ශීභාවය සමබරව පවත්වා ගැනීමට සමාගමට හැකියාව ඇති බවයි. පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින්, වසරේ දෙවන අර්ධය තුළ අඛණ්ඩ කාර්යසාධනයක් පවත්වා ගැනීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කර ගැනීමට සමාගමට හැකි වී තිබේ. 



අදහස් (0)

ජනශක්ති ෆිනෑන්ස් හි 2025/2026 ප්‍රථම අර්ධයේදී ශක්තිමත්-තිරසාර වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site