එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පසුගියදා කොළඹ නිල සංචාරයක නිරත වූ අතර එහිදී කාන්තා ව්‍යවසායකයන්, තිරසර මූල්‍යකරණය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා සහයෝගය ලබාදීමේ අරමුණෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය වෙත එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ඩොලර් මිලියන 30 ක ණය මුදලක් නිවේදනය කළේය.
DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් සහ CDB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර යන මහත්වරු, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී එම ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා බලගැන්වීම උදෙසා එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාබ්‍රියෙල් ග්‍රවු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
CDB ආයතනයේ ආයතනික ගමන්මග වෙනුවෙන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් එම ආයතනයට මෙවැනි කැපීපෙනෙන මූල්‍ය පහසුකමක් හිමි වූයේ ප්‍රථම වරටය. මෙරට ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, අරමුදල් සම්පාදනය කරන ආයතන විසින් CDB ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසයට සහ එම ආයතනය ස්ථාවරත්වය, පාලනය සහ තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීමට මෙම ණය පහසුකම මනා සාක්ෂ්‍ය සපයයි.
“DFC යනු, කුඩා පරිමාණ ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයන්ට තිරසර මූල්‍යයන පහසුකම් සපයන මූල්‍ය සංස්ථාවකි. CDB ආයතනය විශිෂ්ට හවුල්කරුවකු වන අතර, අපගේ සහයෝගය මගින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණුකර ගැනීමටත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා සඳහන් කළේය.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්