හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මහජන බැංකුව සංවිධානය කළ සැමරුම් උත්සවයක් එහි සභාපති මාහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතාගේ සහ සාමාන්‍යාධිකාරී (ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පසුගිය 07 වැනිදා පෙරවරුවේ පැවැත්විණ.
පොල්ගොල්ල ජාතික විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන ගුරු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි ආචාර්ය පී.කේ. සීලගම මහත්මිය විසින් පවත්වනු ලැබූ අතර, මහවැලි ජාතික විද්‍යා පීඨාධිපතිනි මේජර් කාන්ති ලියනගේ මහත්මිය විසින්ද දේශනයක් පවත්වනු ලැබුවාය.
මෙහිදී මහජන බැංකුව විසින් 1993 වසරේදී හඳුන්වා දී ඇති වනිතා වාසනා ගිණුම් හිමි කාන්තාවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද සහිත සේවා කිහිපයක්ම හඳුන්වා දීම සිදු විය. එහිදී වැඩි පොලියක් සහිත ගිණුමක්, මනි ප්ලැනර් ආයෝජන සැලැස්මක්, වාහන සඳහා ණය ලබාදීම සහ වනිතා වාසනා ගිණුම් හිමියන් වෙනුවෙන් සහ අලුතින් වනිතා වාසනා ගිණුම් විවෘත කරන්නන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් සහිත ණය කාඩ් පතක් හඳුන්වා දීම ආදියද මෙහිදී සිදු විය.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගෙවීම් ක්‍රියාවලි කළමණාකරණ සහ තත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමණාකරණ) නලින් පතිරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මහජන බැංකුවෙන් කාන්තාවන්ට සේවා රැසක්