ශ්රී ලංකාව යුරෝපයට කරන අපනයන සියයට 36.7 කින් අහිමිවීමේ අවදානමක්
ඇඟලුම් සහ සැකසූ මත්ස්‍ය අංශයට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්
යුරෝපා සංගමයේ ආනයන ඉල්ලුම අඩු වුවහොත් මෙරට කර්මාන්ත සේවකයන්ගෙන් සියයට 4.99 ක්
අහිතකර ප්‍රතිඵලවලට ගොදුරු වීමේ අවදානමක්
අවදානමට ලක්වන සේවකයන්ගෙන් සියයට 65.65 ක් කාන්තාවන් සහ අඩු හා මධ්‍යම පරිමාණ කුසලතා ඇති සේවකයන්
සහනය අහිමි වුවොත් යුරෝපා සංගමයට කරන ඇඟලුම් අපනයන සඳහා පනවනු ලබන බදු ප්‍රතිශතය සියයට 10 කින් ඉහළ යා හැකියි
2019 වසරේදී අපනයනය කළ ට්‍රාන්ස්ෆෝමර්වලින් සියයට 50 ක් අපනයනය කර ඇත්තේ යුරෝපා සංගමයේ රටවල්වලට
යුරෝපා සංගමයේ රටවල ආනයන ඉල්ලුම අඩු වුවහොත් ඉන් මෙරට සේවකයන් 73,574 අවදානමක
විමුක්ති එස් රුද්‍රිගු
යුරෝපා සංගමය මෙරටට ලබාදී ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23 ක් මුදලක් ශ්‍රී ලංකාවට අහිමි විය හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය එළැඹෙන 2 වැනිදා සිට බලාත්මක කරන අන්‍යෝන්‍ය බදු සංකල්පය හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ. එහිදී ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ඉතා වැදගත් වේ.
ජීඑස්පී ප්ලස් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් අප රට එම්.එෆ්.එන්. කාණ්ඩයට අයත් වනු ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා සංගමය පනවනු ලබන බදු ඉහළ යනු ඇති බවත් වාර්තා වේ. ඉන් ශ්‍රී ලංකාව යුරෝපයට කරන අපනයන සියයට 36.7 කින් අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවද පැවැසෙයි.
‘පාඩු වෙන්නේ කාටද? ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් ශ්‍රී ලංකාවේ අපනයනවලට සහ ශ්‍රම බළකාය ඇතිවන බලපෑම’ යන මාතෘකාව යටතේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මෙම අධ්‍යනය සිදුකර ඇත. එම ආයතනයේ පර්ෙය්ෂකයන් වන ආචාර්ය අසංක විජේසිංහ, චායා දිසානායක සහ රශ්මි අනුපමා යන මහත්ම මහත්මීන් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර එහිදී ජීඑස්පී ප්ලස් සහනය හේතුවෙන් මෙරට අපනයනවලට පැනවෙන බදු ප්‍රතිශත එම්.ඊ.එන් කාණ්ඩයට පැනවෙන බදු ප්‍රතිශත දක්වා වැඩි වුවහොත් ශ්‍රී ලංකාවට ඉන් එල්ලවන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබිණ.
එලෙස බදු ප්‍රතිශත වැඩි වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23 ක් හෝ අපනයනවල සියයට 36.7ක් අහිමි වන අවදානමක් තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ. මෙම ගණනය කිරීම 2019 වර්ෂයේ ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත කළ අපනයන මත ගණනය කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ සැකසුම් මත්ස්‍ය අංශයට ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවත් ඉන් සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අහිමි වනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. යුරෝපා සංගමයේ ආනයන ඉල්ලුම අඩු වුවහොත් මෙරට කර්මාන්ත සේවකයන්ගෙන් සියයට 4.99 ක් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළේ අහිතකර ප්‍රතිඵලවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බවත් එම අධ්‍යන වාර්තාව පෙන්වා දෙයි.
කාන්තාවන් සහ අඩු සහ මධ්‍යම පරිමාණ කුසලතා ඇති සේවකයන්ට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් එල්ල වන බලපෑම වෙනස් බවත් අවදානමට ලක්වන සේවකයන්ගෙන් සියයට 65.65 ක් කාන්තාවන් සහ අඩු සහ මධ්‍යම පරිමාණ කුසලතා ඇති සේවකයන් බවත් එම අධ්‍යන වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ජීඑස්පී ප්ලස් සහනය සම්පූර්ණයෙන් භාවිත නොකළත් එම සහනය අහිමි වුවහොත් යුරෝපා සංගමයට කරන ඇඟලුම් අපනයන සඳහා පනවනු ලබන බදු ප්‍රතිශතය සියයට 10 කින් ඉහළ යා හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි. ට්‍රාන්ස්ෆෝමර් වැනි උසස් තාක්ෂණික නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය ප්‍රධාන අපනයන පාර්ශ්වකරුවකු බවත් 2019 වසරේදී ශ්‍රී ලංකාව අපනයනය කළ ට්‍රාන්ස්ෆෝමර්වලින් සියයට 50 ක් අපනයනය කර ඇත්තේ යුරෝපා සංගමයේ රටවල්වලට බවත් එහි දැක්වේ. ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඉන් සියයට 10 ක පමණ අපනයන අහිමිවනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
එම්.එෆ්.එන් කාණ්ඩය යටතේ පැනවෙන බදු හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල ආනයන ඉල්ලුම අඩු වුවහොත් ඉන් මෙරට සේවකයන් 73,574 අවදානමට ලක් වනු ඇති බවද එම වාර්තාවේ දැක්වේ. ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඇඟලුම් කර්මාන්තයේ සේවකයන් සියයට 13.47 ක ප්‍රතිශතයකට රැකියා අහිමි වීමේ අවදානමක් තිබෙන බවද ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධනය සැලකිල්ලට ගැනීමේදී කාලයත් සමග ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි විය හැකි වුවත් මෙම අවස්ථාවේ එම සහනය මෙරටට ඉතා වැදගත් වේ. ආර්ථික වර්ධනය සඳහාත් කාන්තාවන් සහ අඩු හා මධ්‍යම පරිමාණ කුසලතා ඇති සේවකයන්ට නිෂ්පාදන කර්මාන්තය තුළ වැඩි රැකියා අවස්ථා ලබාදීම සඳහාත් ජීඑස්පී ප්ලස් සහනය වැදගත් කාර්ය භාර්යයක් ඉටු කරයි.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’ජීඑස්පී ප්ලස්: ඩෝ.බි 1.23ක් අහිමිවන අවදානමක්’’ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම වාර්තාව කියයි