(නිමල කොඩිතුවක්කු)
‘දීප්තිමත් සහ ආරක්ෂාකාරී ශ‍්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ සූර්ය බලශක්ති උත්පාදනය, සූර්ය වාරි පද්ධති, පොටෝවෝල්ටික් බල තාක්ෂණය ආදී විෂය රැසක් ආවරණය වන පරිදි චීන - ශ්රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක් ආරම්භ කර තිබේ.
චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ මහජන රජය සහ යුනාන් ප‍්‍රාන්තයේ වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ආධාර යටතේ ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක‍්‍රියාත්මක කෙරේ.
මෙයට සමගාමීව පැවැත්වෙන චීන - ශ්රී ලංකා හරිත බලශක්ති සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති අතර එහිදී ස්වයංක‍්‍රීය සූර්ය වීදි ලාම්පු ආදර්ශන ව්‍යාපෘතියක් සහ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පැවැත්විණි.
ව්‍යාපෘතිය යටතේ ජෙන්සෝ පවර් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම සිය චීන සහකරුවන් වන රෝඩ් ස්මාර්ට් සමඟ එක්ව රජයේ ආයතනල පාසල්, උද්‍යාන, පාලම් ආදිය ඉලක්ක කරමින් ස්වයංක‍්‍රිය සූර්ය වීදි ලාම්පු 140 කට අධික ප‍්‍රමාණයක් මෙරට ස්ථාපිත කර ඇත.
බාහිර පරිසරයේ ආරක්ෂාකාරී බව තහවුරු කරමින් වාහන නැවතුම් පලල පාසල් ක‍්‍රීඩාංගණ, ආගමික මධ්‍යස්ථාන ආදිය ඉලක්ක කරමින් මෙම ස්වයංක‍්‍රීය සූර්ය විදී ලාම්පු දිවයිනේ සෑම ප‍්‍රදේශයක් වෙතම හඳුන්වාදීමට නියමිත ය. මෙයට අමතරව චීන සහ ශ‍්‍රී ලංකා උපදේශකවරුන් විසින් දේශීය තාක්ෂණ ශිල්පීන් 150 දෙනෙකු පුහුණු කරවීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.
මෙම පුහුණු වැඩමුළුව පිළිබඳව අදහස් දක්වමින් ජෙන්සෝ පවර් ටෙක්නොලොජීස් හි ප‍්‍රධාන විධායක නිලධාරි සහ ප‍්‍රධාන සම්බන්ධීකාරක ආචාර්ය අවන්ත අතපත්තු මහතා සඳහන් කළේ මෙම පුහුණු වැඩසටහන සූර්ය බලශක්ති ක්ෂේත‍්‍රයට අදාළ දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ගේ සබඳතා වර්ධනය කර ගැනීමට පදනමක් වූ බවයි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ප‍්‍රධාන ලේකම් බී. එම්. එස් බටගොඩල ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් සේපාල, චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ හරිත බලශක්ති සංගමයේ මහ ලේකම් හන් ලියාල ශ‍්‍රී ලංකා - චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වෙළඳ උපදේශීකා සු මීන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
චීන - ශ්රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක්