අද දින දිවයිනට පැමිණෙන චීන ජනපති ෂි ජිං පිං මහතාගේ සංචාරය අතරතුරදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කිරීමට යන නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹිය හැකිවනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටී.
මෙම ගිවිසුම සම්බන්ධව දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පැවැත්වුණු මූලික පරීක්ෂණයක් දැනටමත් සිදුකෙරී අවසාන අතර ඊට අනුව නිදහස් වෙළද ගිවිසුමක් ඇති කිරීමට සුදුසු වාතාවරණයක් දෙරට අතර ඇත.
ශ්‍රී ලංකාවේ චීනයට අපනයනය කෙරෙන තේ,රබර්,ඇඟළුම්,මැණික් ආදී ද්‍රව්‍යයන් හි වර්ධනයක් පසුගිය සමයේ දැකගත හැකිවුවද තවමත් රජය අපේක්ෂා කරන තරමේ ආදායමක් ඒවායින් නොලැබෙන බව සඳහන්ය.
එසේ හෙයින් නිදහස් වෙළද ගිවිසුමක් මගින් චීන වෙළදපොලේ ඇති තවත් අවස්ථා හදුනාගෙන ඒ මගින් අපේක්ෂිත අපනයන ආදායම ලබාගැනීම කෙරේ රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර ඇති රටවල් අතරින් වටිනාකමින් වැඩිම ආයෝජනයන් සිදුකර ඇති රට වන්නේ චීනයයි.අධිවේගී මාර්ග හා වෙනත් ඉදිකිරීම් ඇතුලූ ව්‍යාපෘතීන් රැසක් චීනයේ සහය ඇතිව දිවයිනේ ක්‍රියාත්මකය.
අද දිනයේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම සංචාරකයින් පැමිණෙමින් සිටින්නේද චීනයෙනි.
COMMENTS
ඉදිරියේදී ලංකාවට එරෙහිව, මානව හිමිකම් උල්ලංගනය කිරීම උඩ ආර්ථික සම්බාදක පැනවීමේ ඉඩකඩක් ඇත. එ් නිසා දැන් සිටම චීනය ,ඉන්දියාව හා රුසියාව සමග ආර්ථික සහයෝගතාව වැඩි දියුණු කරගත යුතුයි. (නදී)
ඉදිරියේදී ලංකාවට එරෙහි, මානව හිමිකම් උල්ලංඝනය කිරීම උඩ ආර්ථික සම්බාදක පැනවීමේ ඉඩකඩක් ඇත .එනිසා දැන්සිටම චීනය ,ඉන්දියාව හා රුසියාව සමග ආර්ථික සහයෝගතාව වැඩි දියුණු කරගත යුතුය . (ස)
ඉදිරියේදී ලංකාවට එරෙහි, මානව හිමිකම් උල්ලංගනය කිරීම උඩ ආර්ථික සම්බාධක පැනවීමේ ඉඩකඩක් ඇත .එනිසා දැන් සිටම චීනය ,ඉන්දියාව හා රුසියාව සමග ආර්ථික සහයෝගතාව වැඩි දියුණු කරගත යුතුය .(දිල්)
අපි සිතා බැලිය යුත්තේ මේ බදු නැතිකර දැමීම නිසා සැබෑවටම ඇතිවන තත්වය කුමක්ද යන්නයි. අපේ තේ , රබර්, මැණික් වලට අපනයනය කළහැකි සීමාවක් තිබෙනවා. අපි මේ යැපෙන්නේ ස්වභාවික දේවල් වලින් මිස නිෂ්පාදනයන්ගෙන් නොවෙයි. නමුත් ඇඟලුම් අපිට තවත් නිපදවන්න පුළුවන්. මෙවන් ගිවිසුමක් නිසා චීන බඩු ලංකාව තුළ ලාබ වෙනවා. කෙටි කලකින් මහා පරිමාණ චීන නිෂ්පාදන ගලාවිත් අපේ නිෂ්පාදන වැහිලා යනවා. අපි අදටත් විදේශ විනිමය වැඩිපුරම උපයන්නේ මැදපෙරදිග රටවලින් බව අමතක කරන්න බැහැ. (නි)
ලෝකේ හැම රටක්ම දන්නවා ලංකාවේ වටිනාකම (දී)
ලංකාව වගේ රටකට හොද ආයෝජනයක් (දී)
මොනවා වෙන්න යනවද කියලා මට හිතා ගන්න බැහැ (දී)
අපේ රටට ගන්න පුළුවන් සියලු දේවල් ඔවුන්ගෙන් ලබා ගන්න (දී)
ආසිතික රටක් හැටියට භූගෝලීය වශයෙන් අපරටේ මැණික්,රබර් හැරුණුවිට අනෙක් සෑම දෙයක්ම ඔවුන්ට ඇත.ග්‍රීන් තේ ලෝකයටම සපයන ඔවුන්ට අපේ තේකොල වැඩක් නැත. අල්පෙනිත්තේ සිට ගුවන් යානය දක්වාත්,ගොඩනැගිලි උපකරණ,සිළුම ආහාර ද්‍රව්‍ය,රෙදිපිළි,අනවශ්‍ය සෙල්ලම් බඩු,චීනයෙන් අපිටය.අපේ ඛනිජවැලි,මිනිරන්,මැණික්,ස්වර්ණාභරණ,කුළුබඩු,දේශීය ඖෂධ නිෂ්පාදන,හා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන මේ වෙළඳ ගිවිසුම් කරගැනීම සුදුසුය. (දී)