IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ඩයලොග් මනුසත්කාර

රටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එන, මෙරට ප්‍රමුඛ සන්නිවේදන සම්පාදකයකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ’ ක්‍රියාන්විතයේ තවත් පියවරක් ක්‍රියාත්මක කළේය. දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීම ඒ අනුව කටයුතු කළේය.

රට අභියෝගාත්මක තත්වයකට මුහුණපා සිටින සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සහායවීම වෙනුවෙන්, ඩයලොග් විසින් ක්‍රියාවට නංවන තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස මෙම සහන සේවාව හැඳින්විය හැකි බව එම සමාගම කියයි. ජූනි මස 8 වෙනිදා සිට ක්‍රියාත්මකවීම ආරම්භ වූ මෙම සහන සේවාව, කොරෝනා අභියෝගයටද මුහුණපාමින් අයහපත් කාලගුණය නිසා මතුවූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. මේ යටතේ දින 3ක් පුරාවට ගම්පහ, වත්තල, කොළඹ, කඩුවෙල, කොලොන්නාව සහ ගාල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පිරිසුදු පානීය ජලය, වියළි ආහාර, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලදී.

මීට අමතරව කොරෝනා වසංගතය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙවරට ද ඩයලොග් ආයතනය සිය සහයෝගය නොමඳව ලබාදෙමින් සිටියි. ඩයලොග් මෙම ක්‍රියාන්විතයේ තුන්වෙනි අදියර යටතේ මාසයකට අධික කාලසීමාවක් තුළ දිවයිනපුරා පිහිටි රෝහල් 34ක කාර්යමණ්ඩලයට සිය දෛනික කාර්යභාරය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ බෙදාදීමටත්, හුදකලා කළ ප්‍රදේශවල පීඩාවට පත් 44,532 ක පිරිසකට වියළි ආහාර මළු බෙදාදීමටත් කටයුතු කෙරිණි. කොරෝනා වයිරසයේ අභියෝගය රට හමුවේ පැවති මුල් අවස්ථා දෙක තුළ විශේෂයෙන්ම ඩයලොග් මෙම වැඩපිළිවෙළේ දෙවන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක පීඩාවට පත් 46,000 ක පිරිසකට දින 22 ක් තුළ සහන සැලසීමට හැකිවිය. සති 6ක් පුරා ක්‍රියාත්මක වූ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 22කට අයත් ගම්මාන 400කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට අත්‍යවශ්‍ය වියළි ආහාර මළු බෙදාදීමට කටයුතු කෙරිණි.



අදහස් (0)

ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ඩයලොග් මනුසත්කාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site