IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට Disrupt Asia 2025 ඇරැඹේ


අංජුල මහික වීරරත්න


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (18) පැවැත්විණි.

රටවල් 20ක ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටින Disrupt Asia 2025 පෙරේදා (17) දින ආරම්භ වූ අතර 20 වැනිදා දක්වා පැවැත්වේ. 

ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණ වේ. නව ව්‍යවසාය සහ නවෝත්පාදන දිරි ගැන්වීම මගින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙමගින් මනා පිටුබලයක් හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.

ඊයේ පැවති ප්‍රධාන සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා නව ව්‍යවසායක ප්‍රදර්ශනය නැරඹීමටද එක් විය.

මෙහිදී අදහස් දැක් වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවයි.

“Disrupt Asia 2025” මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමට මනා පිටුබලයක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන මගින් මෙරට දක්ෂ ව්‍යවසායකයන් සහ ගෝලීය වෙළෙඳපොළ අවස්ථා අතර පාලමක් නිර්මාණය කරමින්, දකුණු ආසියාවේ නවෝත්පාදන සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත් වූ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ අරමුණු සහ ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සැලසුම් පිළිබඳව පැහැදිලි කළේය. ඩිජිටල් අපනයන තුන් ගුණයකින් වැඩි කිරීම, ඩිජිටල් කුසලතා සංචිතය දෙගුණ කිරීම සහ ගෝලීය ඩිජිටල් මිනුම්වල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ඒම ආදී ඉලක්ක ඔහු මෙහිදී ගෙනහැර දැක්වීය.



අදහස් (0)

ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට Disrupt Asia 2025 ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site