මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා කිව් ආර් කේතය භාවිත කරමින් තැඹිලි ගෙඩියක් මිලදීගත් අවස්ථාව.
අම්බලන්තොට සනත් ගමගේ
මෙරට ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව දුර්වල මට්ටමක පවතින හෙයින් එය ප්‍රගුණ කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත්දා හම්බන්තොටදී පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සංවිධානය කරනු ලබන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩ සටහනක් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී පැවැති අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළු අදාළ පාර්ශ්ව රැසක් මෙම ප්‍රවර්ධන වැඩ සටහනට සහභාගී වි සිටියහ.
මෙහිදී අදහස් දැක් වු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය. ග්‍රාමීය ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව ඉතාම දුර්වල මට්ටම පවතිනවා. එම තත්වය සැලකිල්ලට ගත් ඇතැම් පිරිස් නීති විරෝධි පිරමිඩ ක්‍රම ආරම්භ කරමින් ජනතාවගේ මුදල් තැන්පතු සේ ලබා ගන්නවා. එවිට ජනතාව එම නීති විරෝධි මූල්‍ය ආයතන සමග ගනු දෙනු කිරීම ආරම්භ කරනවා. මූල්‍ය සාක්ෂරතාවක් ඇති අය මෙම නීති විරෝධි පිරමිඩ වලට යොමු විම අවම වි තිබෙනවා. තම ප්‍රදේශවල ජනතාවට එම අවබෝධය ලබාදිමට බලපත්‍ර ලාභී බැංකුවලට මෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතනවලටත් වගකීමක් තිබෙනවා.
එම නිසා ඉදිරියේ දී මහ බැංකුව මගින් මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටන් විවිධ ආයතන විශේෂයෙන්ම පොලිසියද සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නවා.
ග්‍රාමිය මට්ටමේ සිටින කිසියම් ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් කරන පුද්ගලයෙක් බැංකුවට ගොස් ණය මුදලක් ඉල්ලලුම් කරන විට ව්‍යාපාරය සම්බන්ධයෙන් ලාබ අලාභ ව්‍යාපාරයේ ස්වභාවය ගැන බැංකුව දැනුවත් කිරීම සිදුකළ යුතුයි. එසේ කිරීමේ දී යම් යම් ගැලු ඇතිවේ. ඒ අනුව එම පුද්ගලයා අපේක්ෂා කරන දෙය ඉටු නොවිමට ඉඩ තිබේ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ග්‍රාමීය ජනයාගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට නව වැඩපිළිවෙළක්