IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගම්පහ දිස්ත්‍රික්කයට මල් අපනයන ගම්මානයක්

(චාරුමුඛ රත්නායක)

මල් වලින් සුසැදි ගම්පහ අසිරිය මිල කරන්නට ඇත්නම් කෙතරම් අගනේද? එසේ වුවහොත් අවට පරිසරය පමණක් නොව ඔබේ ජීවිතයත් ලස්සන වේවි. 

එදා ගෙවත්තේ අලංකාරයට මල් වැවූ ඇතමෙක් මෙදා ගෙදරට අදායමක් ලෙස මල් වවන්නට පටන්ගෙන ඇත.

ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කය පුරා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වා ගෙනයන සුවහස් මල් සංගම් ගණනාවක් බිහිවී ඇත.

ගම්පහ දිස්ත‍්‍රික් සුවහස් මල් සංගම්වල පමණක් මේ වන විට මල් වගාවෙහි නිරතවන සාමාජික සාමාජිකාවෝ 3500ට ආසන්න ප‍්‍රමාණයක් වෙති. ඇත්තෙන්ම මොවුන්ගෙන් බොහෝ පිරිසක් ස්වයං රැකියා ලාභියෝය. මේ අතරින් බොහොමයක් ප‍්‍රධාන ජීවනෝපාය ලෙස මල්වගාවෙහි නිරත වන අතර ඇතමෙක් අමතර ආදායම් මාර්ගයක් ලෙස මල් වගාවෙහි නිරතව සිටිති.

සෑම මසකම කිහිපවරක් මල් සංගම් මගින් මල් ප‍්‍රදර්ශනයක් පැවැත්වීම සිදු කෙරෙන අතර එය ඔවුන්ගේ ප‍්‍රධාන වෙළෙඳපොළ ප‍්‍රවාහය බවට පත්වී ඇත. මල් ප‍්‍රදර්ශන පවත්වන්නේ නගර මධ්‍යයේ ඇති හිස් භූමියක වන අතර අලෙවිසැල් සඳහා කැනපි හට් ඔවුහු භාවිතා කරති.

ඒ සඳහා ගම්පහ උද්භිද උද්‍යානයෙන් ලබා දෙන හට් ප‍්‍රමාණවත් නොවන හෙයින් හැමවිටම මල් ප‍්‍රදර්ශනය පවත්වන්නේ කුලී පදනම මත ලබා ගන්නා ලද කැනපි භාවිතයට ගනිමින්ය.

දිනක් ගම්පහ පැවති මල් ප‍්‍රදර්ශනයකට අහම්බෙන් පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැනපි හට් ප‍්‍රශ්නය පිළිබඳ කෙතරම් සංවේදී වූයේද යත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූ මල් සංගම්වලට එතුමාගේ පෞද්ගලික මුදලින් කැනපි හට් ලබා දුන්නේය. මෙය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ මල් කතාවේ ආරම්භයයි. මෙතැන් සිට රාජ්‍ය අමාත්‍යවරයා ස්වයං රැකියාවක් ලෙස කෙරෙන මල් වගාවත්, මල් කර්මාන්තය හා සබැඳි ගැටලූ පිළිබඳවත් දැනුවත්වන්නට විය.

ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ කෘෂිකර්මාන්තය සඳහා වැඩි භූමි ප‍්‍රමාණයක් හිමි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිවුලපිටියයි. දැනට ලංකාවේ වැඩිම සාමාජික සංඛ්‍යාවක් සිටින, ක‍්‍රියාකාරීම මල් සංගමය වන ග‍්‍රීන් ලංකා මල් සංගමය දිවුලපිටිය මරදගහමුල ප‍්‍රදේශය අවට මල් වගාවෙහි නිරතව ඇති දිවයිනෙහි ප‍්‍රධානතම මල් සංගමයයි.

සාමාජිකයන් 400ක් පමණ සිටින මෙම සංගමය වෙත දිවයිනෙහි විවිධ ප‍්‍රදේශ තුළින් වාහන රැගෙන විශාල කණ්ඩායම් පැමිණ ගෙයින් ගෙට ගොස් මල් මිලදී ගැනීම සිදු කරයි. දිනෙන් දින මෙම ප‍්‍රවණතාවයෙහි වර්ධනයක් හඳුනාගත හැකි වූ බැවින් මල් අපනයන ගම්මානයක් දක්වා මෙම තත්ත්වය වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුව සංගමයෙහි සියලූ සාමාජික සාමාජිකාවන් වෙතින් ඉස්මතු වන්නට විය.

මල් අපනයන ගම්මානයක් යනු ලංකාවට නවමු අත්දැකීමක්ය. මීට ඉහත බිංගිරිය ප‍්‍රදේශයේ මෙවැනි උත්සාහයක නිරත වුවද එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ ව්‍යාපෘතියක් බවට අවසානයේදී පත් විය.

දිවුලපිටිය ප‍්‍රදේශය තුළ මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ මල් හා විසිතුරු පත‍්‍රික ශාක පත‍්‍ර අපනයනකරුවෝ සැලකිය යුතු ප‍්‍රමාණයක් සිටිති. මෙම තත්ත්වය තුළ අපනයන ගම්මානයක් දිවුලපිටියේ ඇති කිරීම වඩාත් ප‍්‍රායෝගික යැයි අවබෝධ කරගත් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා දිවුලපිටිය ආසනය තුළ පවත්නා මල් සංගම් හා එක්ව නියමු ව්‍යාපෘතියක් නිර්මාණය කරනු ලැබීය. අනතුරුව එම ව්‍යාපෘති යෝජනාව සමාජ සුබසාධක හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා හමුවී එතුමා වෙත යොමු කරන ලදී.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙහි මල් වගාකරුවන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගත් උත්සාහය මෙසේ සැලකිල්ලට ගනිමින් ඉකුත්දා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ‍්‍රවණාගාරයෙහි මල් සංගම් සාමාජික හමුවක් පවත්වමින් එම අවස්ථාවට අමාත්‍ය දයා ගමගේ මහතා සහභාගි විය. මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු හා වයඹ පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඞ්වඞ් ගුණසේකර මහතා හා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කිත්සිරි මංචනායක මහතා ද සහභාගි වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව මල් වගාකරුවන්ගේ ගෙවතු කිහිපයක් නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරු හා පැමිණ සිටි අදාළ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වූහ. ශුද්ධ විදේශ විනිමයක් ඉපයිය හැකි මෙවැනි ව්‍යාපෘති රටෙහි ආර්ථිකයට දැවැන්ත ශක්තියක් බව අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරි අවුරුදු දෙක තුළ ලංකාවේ අපනයන ගම්මාන 1000ක් බිහි කිරීමට එතුමා කටයුතු සිදු කරන බව දන්වා සිටියේය. ඉතාමත්ම කඩිනමින් ආරම්භ කිරීමට නියමිත දිවුලපිටිය මල් අපනයන ගම්මානය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කරන බව තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ දිවුලපිටිය ග‍්‍රීන් ලංකා මල් සංගමය ප‍්‍රමුඛව සුවහස් මල් සංගම් හෙට දින සූදානම් වන්නේ අලූත් ව්‍යාපෘතියක් ලෙස ලංකාවේ පළමුවන අපනයන ගම්මානය ආරම්භ කිරීමටය. කුටුම්භ ආර්ථික සවිබල ගැන්වෙමින් රටට විදේශ විනිමය ලබාදෙන මෙවැනි ව්‍යාපෘති ගණනාවක් නොබෝ දිනකින් ගම්පහ දිස්ත‍්‍රික්කයට ලබා දීමට තමා කටයුතු සිදු කරන බව මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටියේය.

 

 

 



අදහස් (1)

ගම්පහ දිස්ත්‍රික්කයට මල් අපනයන ගම්මානයක්

kalpana wijewardhana Thursday, 16 August 2018 04:02 AM

හොඳ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 308 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site