
අංජුල මහික වීරරත්න
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනවල නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.
වෙළෙඳාමේ සාධාරණත්වයක් ඇති කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා වන බවත් එමඟින් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන බවත් නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
විශේෂයෙන් ජපානය ලබා ඇති ආර්ථික දියුණුවට මෙම තරඟකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය ඉවහල් වූ ආකාරය පෙන්වා දුන් නියෝජිත පිරිස පාරිභෝගික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම නවෝත්පාදන සම්බන්ධයෙන් එහි දායකත්වය පැහැදිලි කළහ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉහළ තලයකට ඔසවා තබමින් සාධාරණ වෙළෙඳාමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ මෙවර අයවැයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපති ලේකම්වරයා එම සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) වෙනුවෙන් ටෙට්සුයා යමාඩා (Tetsuya YAMADA), අරිසා ඉනාඩා (Arisa INADA), යූරි හොරිටා (Yuri HORRITA) , නාමල් රැළපනාව, ජපන් සාධාරණ වෙළෙඳ කොමිසම වෙනුවෙන් (JFTC) වයි. සකුමා (Y. Sakuma), වයි. අසහිනා (Y. Asahina), වයි. ෆුකුෂිමා (Y. Fukushima), එම්. ටකුචි (M.Takeuchi) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට JICA සහාය