IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් අරඔයි

  • සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පර්යන්තයක්
  • වසරකට ටී.ඊ.යූ. මිලියන 3.2 ක ධාරිතාවකින් යුක්තයි

යොහාන් භාසුර
සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.
චීන ඉදිකිරීම් සමාගමක් වන ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම සංවර්ධනය කළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පර්යන්තයක් බවට පත්ව ඇති අතර මීටර 1,400 ක තොටුපොළක් සහ මීටර 20 ක ගැඹුරකින් යුත් බටහිර ජාත්‍යන්තර පර්යන්තය වසරකට ටී.ඊ.යූ. මිලියන 3.2 ක ධාරිතාවකින් යුක්ත වේ.
ස්වයංක්‍රීය පර්යන්ත ව්‍යාපෘතියේ කොටසක් ලෙස, එස්.ටී.එස්. දොඹකර අටක්, ඒ.ආර්.එම්.ජී. දොඹකර 18 ක් සහ දොඹකර සහ ඒ.ආර්.එම්.ජී. සඳහා උපකරණ කළමනාකරණය, පර්යන්ත මෙහෙයුම්, ස්වයංක්‍රීය ගේට්ටු, තත්‍ය කාලීන බහාලු‍ම් ස්ථානගත කිරීම සහ රීෆර් බහාලු‍ම් ස්වයංක්‍රීය කළමනාකරණය ඇතුළු අත්‍යවශ්‍ය සහායක පද්ධති ද ස්ථාපිත කර තිබේ.


ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම පැවසුවේ පර්යන්තයේ එස්.ටී.එස්. දොඹකර ටී.ඊ.යූ. 24,000 ක් දක්වා ධාරිතාවකින් යුත් අති විශාල බහාලු‍ම් යාත්‍රා හැසිරවීමට නිර්මාණය කර ඇති බවත් මේ අතර ස්වයංක්‍රීය පැතිරීමේ පද්ධතිය බහාලු‍ම් උස වෙනස්කම්, කල් පවත්නා විෂමතා සහ කෝණික අපගමනයන්ට අදාළ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දෙන අතර එමගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන බවත්ය.
කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහය සහ ඉන්දියානු වාණිජ වරාය ක්‍රියාකරු අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපය යන සමාගම් දෙකටම ඒකාබද්ධව හිමිකාරීත්වයේ පවතී.



අදහස් (0)

කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් අරඔයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site