IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කොළඹ නැව් තටාකාංගනය යළි විවෘත කරයි

( තිළිණි ද සිල්වා )


කොවිඩ් ආසාදිතයන්  පිරිසක් සොයා ගැනීමත් සමග වසා දමා තිබූ කොළඹ  නැව් තටාකාංගනය නැවත  විවෘත කිරීමට එම සමාගම් පාලනාධිකාරිය  පියවර ගෙන ඇත. 
 

විෂබීජහරණයට ලක්කිරීමෙන් අනතුරුව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම ආයතනයේ කටයුතු නැවත ආරම්භ කළ බවද  එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


කොළඹ නැව් තටාකාංගනයෙන් ආසාදිතයින් කිහිප දෙනෙක් පසුගියදා හඳුනා ගැණුනු අතර ඉන්පසුව වසා දමා තිබූ එය  රජයේ සෞඛ්‍ය නිර් දේශ අනුව ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් යළි  මෙලෙස ආරම්භ කර තිබෙන බව සදහන්වේ.


අත්‍යාවශ්‍ය රාජකාරීන් සඳහා දායකවන ආයතනයේ සේවකයින් සඳහා හෝටල්වල විශේෂ ක්‍රමවේදයක් යටතේ නවාතැන් සැපයෙන අතර සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සේවකයින්ගේ ප්‍රවාහනය සිදුකරනු ලබන බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.


එසේම එම ආයතනය තුළ මේවන විට සේවකයින් 2000 කට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමටද එම පාලනාධිකාරිය පියවර ගෙන ඇත.



අදහස් (0)

කොළඹ නැව් තටාකාංගනය යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 659 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1062 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site