IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දෛනික ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 169.16 කින් ඉහළ ගියේය.

ඒ අනුව දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,028.20ක් ලෙසින් දැක්විණි. සියලු කොටස් මිල දර්ශකයේ අද දිනයේ වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 2.89කි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ මාස අටකට පසුවය. අවසන් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ ජනවාරි මස 7 වැනිදා ය.

දෛනික ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ද සියයට 0.55කින් එනම් ඒකක 13.64කින් ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ඒකක 2,495.72ක් ලෙස දැක්විණි.

මේ අනුව අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.89ක් ලෙස සටහන්ව තිබිණි.

055



අදහස් (1)

කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

Buddhika P Tuesday, 29 September 2020 09:46 AM

මේ ඒඑස්පීඅයි එක ඉහල ගියාට ඉන් හැඟෙන්නේ නෑ සමස්ත ලාංකීය ව්‍යාපාරික නැගිටීමක් හෝ ආර්ථික පිබිදීමක්. ඒඑස්පීඅයි ඉන්ඩෙක්ස් එකේ තියෙන කොම්පැනි ලාංකීය ආර්ථිකේ නියෝජනය කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. උදාහරණ ලෙස, කොටස් 20කට පමණ ලංකා ව්‍යාපාර බෙදලා තියෙනවා. ඉන් කුමන කොටස් කුමන % ප්‍රතිශතයකින් කොටස් වෙළඳ පොලේ ගැනීම් විකිණීම් වෙනවද කියන ප්‍රශ්නේ තමයි, සමස්ත ආර්ථික දත්තයක් හැටියට වැදගත් වෙන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site