
භානුක අමරසිංහ
මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කය සදහා වන ඉඩම් තක්සේරු දර්ශකයේ අගය 256.4ක් ලෙස සටහන්ව ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ පළමු භාගයේ පැවැති 230.1 අගය හා සැසඳීමේදී සියයට 11.4 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, කඩුවල, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, තිඹිරිගස්යාය, දෙහිවල, රත්මලාන, මොරටුව, කැස්බෑව, මහරගම, හෝමාගම, පාදුක්ක සහ සීතාවක යන නගර සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සදහා වන මිල ගණන් මෙම තක්සේරු දර්ශකය සකස් කිරීමට භාවිතා කෙරෙන බව මහ බැංකුව පවසයි.
මෙම දර්ශකයට අනුව නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශක තුනම පසුගිය වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව නේවාසික ඉඩම් තක්සේරු දර්ශකයේ අගය 233.3 සිට 266.9ක් දක්වා සියයට සියයට 14.4කින්ද, වාණිජ ඉඩම් තක්සේරු දර්ශකය 228.1 සිට 254.3ක් දක්වා සියයට 11.5කින්ද, කාර්මික ඉඩම් තක්සේරු දර්ශකය 228.9 සිට 248.0ක් දක්වා සියයට 8.4කින්ද ඉහළ ගොස් තිබේ.
මේ අතර අර්ධ වාර්ෂික පදනමින්ද, 2024 වසරේ දෙවැනි භාගයේදී වාර්තා වූ අගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සියයට 8.3 කින් ඉහළ ගොස් තිබේ. එහිදීද නේවාසික සහ වාණිජ අනු දර්ශක පිළීවෙළින් සියයට 9.9කින් සහ 8.6කින් ඉහළ ගොස් තිබේ. එහෙත් කාර්මික ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළ යාම සියයට 6.3කි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ඉඩම් වටිනාකම් සියයට 11.4කින් ඉහළට