IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ ආපනශාලා ආර්ථිකය නංවාලීමට PickMe වෙතින් නව ක්‍රියා පටිපාටියක්

PickMe සමාගම සිය තාක්‍ෂණික යෙදවුම්වල ගුණාත්මක බව ඉහළ නංවා පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිලාභ ලබාදෙමින් තම රියදුරන්ගේ ආදායම ඉහළ නැංවීමට නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.

PickMe හි ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පවසන්නේ පික්මී පාස්’ (PickMe Pass) නමින් හඳුන්වන මෙම නව තාක්‍ෂණික මෙවලම පික්මීහි පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා වැදගත් වන බවයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. “ඩිජිටල් ආර්ථිකය අපගේ දෛනික ජීවිතයට බලපෑම් කරන යුගයකයි අප ජීවත් වන්නේ. අපගේ ගනුදෙනුකරුවන් ඔවුන් වැය කරන මුදල් සඳහා හොඳ වටිනාකමක් අපේක්ෂා කරනවා. ඉතා සුළු ගාස්තුවක් ගෙවා මෙම නව තාක්‍ෂණික යෙදවුමේ කොටස්කරුවකු වීමට පාරිභෝගිකයන්ට මේ තුළින් අවස්ථාව උදා වෙනවා. මෙතුළින් PickMe හි නොයෙක් අංගයන් හරහා සපයා ගැනීමට බලාපොරොත්තු වන සේවා සඳහා විවිධ වාසි ලබා ගැනීමට පුළුවනි. මෙම නව හඳුන්වාදීමෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළ මට්ටමේ සේවාවක් සපයන අතරම, අපගේ රියදුරු ජාලය, හවුල්කාර අලෙවිසැල් සහ ආපනශාලා සඳහා ද ඍජුවම ප්‍රතිලාභ ලබා දෙනු ඇත.”

“පික්මී පාස්’ (PickMe Pass) යන නව යෙදවුම 2022 ඔක්තෝබර් මස 25 වන දින හඳුන්වා දුනි. එහි තවත් එක් සුවිශේෂීත්වයක් වන්නේ සංචාරකයන් වැඩි වශයෙන් රටට පැමිණෙන එලැඹෙන නත්තල් සමය සඳහා ඉතාමත් කාලෝචිත වන බැවිනි. 300,000 කට අධික සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන අතර එම සංචාරකයන්ට පහසුකම් සැපයීමට නගරයේ අවන්හල් සහ ආහාර අලෙවිසැල් පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට අවශ්‍යය. 

මෙම ආයතන යථාතත්වයට පත්වෙමින් තිබුණද, අප බලාපොරොත්තු වන්නේ ඔවුනට අවශ්‍ය අනුබලය ලබාදීම තුළින් රටේ ආර්ථිකය නඟා සිටුවීමයි. එවිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට කොළඹ නගරයේ විචිත්‍රත්වය දැක බලා ගෙන ඔවුන්ගේ අත්දැකීමේ සුභආරංචිය ලොවට ගෙන යාමට හැකිවනු ඇත,”

“කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආපනශාලා වලින් සියයට 35 පමණ ආහාර බෙදාහැරීම් මත රඳාපවතින අතර පික්මී පාස්’ (PickMe Pass) හඳුන්වාදීමත් සමග එම ප්‍රමාණය සියයට 50 කින් වැඩි කිරීමට අපි අපේක්ෂා කරමු. මෙමගින් නත්තල් සමයේ තම අවන්හල් විවෘතව තැබීමට ආපනශාලා හිමියන් දිරිගැන්වෙනු ඇත.

595



අදහස් (0)

කොළඹ ආපනශාලා ආර්ථිකය නංවාලීමට PickMe වෙතින් නව ක්‍රියා පටිපාටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site