
භානුක අමරසිංහ
කුළුබඩු ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයත් සමගින් ලොව ඉහළ ජනාදරයට පාත්‍ර වී ඇති ශ්‍රී ලාංකීය කුළුබඩු කර්මාන්තය ගැටලුවකට මුහුණදෙන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව මෙම කාරණාවත් සමගින් දිගු කාලයක් පුරා පවත්වාගෙන ආ මෙරට කුළුබඩු සම්බන්ධ පිළිගැනීම, ගුණාත්මක බව සහ උරුමය අභියෝගයකට ලක්වෙමින් පවතින බවත් එම සංගමය පවසයි.
රජය පසුගිය අගෝස්තු මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව තෝරාගත් කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා සමාගම් හතරකට ‘අනුමත ව්‍යවසාය’ තත්වය ලබාදීමට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව තෙල් සාරය, ඔලියොරෙසින් සහ අවශේෂ ආකාරයෙන් ප්‍රතිඅපනයනය සඳහා තෝරාගත් කුළුබඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා වූ ක්‍රියාපටිපාටියක් යටතේ මෙම අනුමැතිය ලබා දී තිබේ.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට රජය මගින් මෙලෙස තෝරාගත් සමාගම් කිහිපයක් වෙත නව රෙගුලාසිමය ක්‍රියා රාමුවක් යටතේ කුළුබඩු ආනයන සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කිරීම හරහා පිරිසුදු ලංකා කුළුබඩු සඳහා වන පිළිගැනීම හානියට ලක්වීම මෙන්ම දේශීය වෙළෙඳපොළ කඩා බිඳ දැමීමක් සිදුවන බවත් ඔවුහු සඳහන් කරති. එසේම මෙම පියවරත් සමගින්ම රට තුළට ව්‍යාජ නිෂ්පාදන ජාවාරමට අවස්ථාවක් විවරවීම මෙන්ම ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කුළුබඩුවල තත්වය බාල වනු ඇති බවත් ඔවුහු අනතුරු අඟවා සිටිති.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුළුබඩු ආනයනයට රජය ගත් තීරණයට ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ අප්‍රසාදය