IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කුලී රථකරුවන්ගේ ගැටුම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක්

යොහාන් භාසුර
දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලු‍කාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති බව මෙරට ජනප්‍රියම මගී ප්‍රවාහන කුලී රථ සමාගමක් වන PickMe සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ්රි සුල්ෆර් මහතා පැවසීය.
මෙරට තුළ පසුගිය සති 12 දී දේශීය කුලී රථ කණ්ඩායම් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා යෙදුම් පාදක කරගත් රියැදුරන්ට හිරිහැර කිරීම සහ බාධා කිරීම සම්බන්ධයෙන් සිද්ධි 30 ක් පමණ වාර්තා වී ඇති බවත් මෙම සිදුවීම්වලදී විනාශකාරී ක්‍රියා සහ වාහනවලට හානි කිරීම පමණක් නොව, යෙදුම් පාදක කරගත් ගමන් සේවා රියැදුරන්ට තුවාල ද කර ඇති බවත් ඒ මහතා කීය.
මෙවැනි සිදුවීම් වන අතරතුර විදේශීය සංචාරකයන් සිය නිවාඩු කාලය තුළ යෙදුම් පාදක කරගත් ප්‍රවාහන රථවල පහසුකම් ගැනීමට කටයුතු කරමින් සිටි බව කී සුල්ෆර් මහතා මෙම සිදුවීම් රියැදුරන් අවදානමට ලක් කරනවා පමණක් නොව සංචාරකයන්ගේ ආරක්ෂිත සහ පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට තර්ජනයක් බව ද සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සමාගමක් වන PickMe ආයතනයේ දත්ත හරහා රට පුරා එවැනි ගැටුම් බහුලව දක්නට ලැබෙන ප්‍රධාන ස්ථාන කිහිපයක් හෙළිවන බවත් මෙම වර්ධනය වන ආරක්ෂක ගැටලු‍ විසඳීමට සහ ඒවාට සම්බන්ධ සියලු‍ දෙනාගේ ආරක්ෂාව සහතික කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඉක්මන් පියවර ගත යුතු බවත් ඒ මහතා කීය.
PickMe සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ්රි සුල්ෆර් මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“යෙදුම් හරහා ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා කෙරෙහි මෙම ප්‍රතිරෝධය පැන නගින්නේ එමගින් සාම්ප්‍රදායික ක්‍රියාකරුවන්ගෙන් ව්‍යාපාරයට බලපෑමක් වන්නේ යැයි ඇති වැරදි මතය නිසායි. මෘදුකාංග මගින් මෙහෙයවනු ලබන ප්‍රවාහන සේවා දුර බැහැර ප්‍රදේශවලින් සංචාරකයන් ඔවුන්ගේ ප්‍රදේශවලට ගෙන ඒමට උපකාරී වන අතර එමගින් දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා නිර්මාණය වේ. ඊට අමතරව සීමිත ප්‍රවේශ්‍යතාව සහ ඉහළ මෙහෙයුම් පිරිවැය හේතුවෙන් සාම්ප්‍රදායික ක්‍රියාකරුවන් බොහෝ විට ඔවුන්ගේ ප්‍රදේශවලට සංචාරකයන් ගෙන්වා ගැනීමට නොහැකි වේ. එබැවින් තාක්ෂණය මගින් මෙහෙයවනු ලබන ප්‍රවාහනය තරගකාරීත්වයක් ලෙස හෝ තර්ජනයක් ලෙස බැලීම වෙනුවට, එය ඇත්ත වශයෙන්ම සමස්ත කර්මාන්තය වඩාත් කාර්යක්ෂම කරන පද්ධතියක් බව තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා.”



අදහස් (0)

කුලී රථකරුවන්ගේ ගැටුම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 218 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site