IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කාලයේ හැටියට බිස්නස්වල වරදක් නැහැ

හෙට්ටු කරමින් සපත්තු, බෑග් ආදිය මිලදි ගන්නට නම් මල්වත්ත පාර තරම් හොද තැනක් තවත් නැත. මල්වත්ත පාරේ ප්‍රධාන වීදිය කෙළවර බෑග් ඇති අන්තය නොව අනෙක් පස කෙළවර කදිම සෙල්ලම් බඩු කඩ කීපයකි. විශාල හෝ කුඩා දරුවන්ට අවශ්‍ය විශාල පරාසයක සෙල්ලම් බඩු මෙම වෙළෙඳසල්වලින් ලබාගත හැකිය. කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරූ වීදියකි. එදා අඩියෙන් අඩිය කැසට් වෙළෙඳසල් මේ මාවතේ සුලභව තිබුණ ද අද මේ වීදියේ කැසට් වෙළෙඳසල් ඇත්තේ දෙක තුනකි. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. සපත්තු බෑග් කඩ පසුකරමින් ගිය අප ගොඩ වූයේ සපත්තු වෙළෙඳසැලක් වෙතයි. සපත්තු වෙළෙඳසැලේ හිමිකරු වූ නජී්බ් දීන් මහතාගෙන් අප විමසූවේ මේ දිනවල බිස්නස් පිළිබඳවයි. 

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
සාමාන්‍යයෙන් බිස්නස්  ති​ෙයනවා.  සල්ලි තියන අය වියදම් කරලා සපත්තු ගත්තා. ගිය අවුරුද්දේ බිස්නස් හොඳයි. උත්සව සමයේ නම් හොඳට බිස්නස් තිබ්බා. අලු‍ත් අවුරුද්ද පටන් ගන්න නිසා පාසල් ළමයින්ට කොහොමත් සපත්තු ගන්නවනේ. ඊට අමතරව වැඩට යන අය වුණත් අලු‍ත් සපත්තු සෙරප්පු ගන්න නිසා ගිය අවුරුද්දේ අන්තිම දවස් තුනේ හොඳටම බිස්නස් තිබ්බා. මේ දවස්වල සෙනග නම් අඩුයි. නැත්තම් මේ වෙලාවට මෙතන ඉන්න බෑ සෙනඟ. යන්න එන්න වත් බෑ මිනිසුන්ගෙ ඇඟේ හැප්පෙනවා. මීට වසර කීපයකට පෙර තිබුණ බිස්නස් අද නැතිවුණත් කාලයේ හැටියට අද බිස්නස්වල වරදක් නැහැ.


Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
ගිය අවුරුද්දේ අවසානේ නම් මිනිස්සු ළග සල්ලි හොඳට තියෙන්න ඇති. ඒ නිසානේ අපිටත් හොඳට බිස්නස් තිබ්බේ. අනික සල්ලි තිබ්බත් නැතත් අලු‍ත් අවුරුද්දක් එද්දි කවුරුත් අලු‍ත් බඩු ගන්නවනේ. ගිය අවුරුද්දේ අලු‍තෙන් ගත්තේ මේ අවුරුද්දට නිසා දැන් බිස්නස් අඩුයි. මිල ගණන්වලත් වෙනසක් නෑ. තාම පරණ ස්ටොක් තියෙන්නේ. ඒ නිසා පරණ මිලටම තමයි සපත්තු තියෙන්නේ. අලු‍තෙන් තාම බඩු ආවෙත් නෑ. ඉස්සරහට මිල අඩු වෙයි කියලත් හිතනවා. අලු‍ත් ඩිසයින් එහෙමත් ළගදීම එයි. එතකොට ආයෙත් බිස්නස් වැඩිවෙයි අපිට. කොහොමත් තව ටික කලක් යනවිට රටේ ආර්ථිකයත් යහපත් තත්වයට පත්වේවි. එවිට ජනතාවගේ ආර්ථිකයත් හොඳ වේවි කියන විශ්වාසය තිබෙනවා. එහෙම වුණාම අපේ බිස්නස් තවත් හොඳ වේවි.


 ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා 

Q:



අදහස් (0)

කාලයේ හැටියට බිස්නස්වල වරදක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site