IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කාලෙන් කාලෙට බිස්නස් අඩු වැඩි වෙනවා: පිටකොටුව ප්‍රධාන වීදියේ ව්‍යාපාරික ඒ. ඩබ්ලිව් ෆාරිස්

ශ්‍රී ලංකාවේ කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති පිටකොටුව හෙවත් pettah , විවිධ භාණ්ඩ හා සේවා රැසක් සපයන කාර්යබහුල වගේම ජවසම්පන්න වාණිජ මධ්‍යස්ථානයකි. ඇඳුම් පැළඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට නැවුම් නිෂ්පාදනය සහ කුළුබඩු දක්වා සෑම දෙයක්ම ලබා ගැනීමට හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මේ දේවල් ලබා ගැනීම සඳහා යාමට වීදී කිහිපයක් ම ඇත. 
එම වීදී අතරින් ප්‍රධාන වීදිය කියන්නේ pettahවල තිබෙන ජනප්‍රිය මාර්ගයක් වන අතර භාණ්ඩ රැසක් අලෙවි කරන කඩ සාප්පු රාශියක නිවහනකි. ඕල්කොට් මාවත, දෙවැනි හරස් වීදිය, කේසර් වීදිවලට අමතරව ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට හැකි වීදිය වන්නේ ප්‍රධාන වීදීයයි. 
ඇඳුම් පැළඳුම් සහ උපාංගවල සිට ස්වර්ණාභරණ සහ සිහිවටන දක්වා ප්‍රධාන වීදියේ තිබේ. නිරන්තරයෙන් ප්‍රධාන වීදීය කාර්යබහුල වේ. ප්‍රධාන වීදීයේ ආබරණ වෙළෙදසැලක් වූ හමීඩියාස් ෆැෂන් වෙත අප ගොඩ වූයේ මේ දිනවල වෙළෙඳාම පිළිබඳව දැන ගැනීමටයි. එහීදී ඒ. ඩබ්ලිව් ෆාරිස් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි. 


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ ආභරණ. අපි කාලයක් තිස්සේ බිස්නස් කරන්නේ. දැනට සේවකයෝ පස් දෙනෙක් ඉන්නවා. කාලෙන් කාලෙට බිස්නස් අඩු වැඩි වෙනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. පෙබරවාරී මාසේ නම් බිස්නස් තිබ්බෙම නැති තරම්. මේ දවස්වල අපි නෝම්බි. ඒ කියන්නේ මාර්තු අන්තිම රාමසාන් උත්සවය තියනවා. ඒ වගේම ලබන මාසේ සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද එනවා. මේ උත්සව දෙක නිසා බිස්නස් එක වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 


Q: බිස්නස් අඩුවීම බලපෑ හේතු මොනවාද?
කොහොමත් පෙබරවාරි මාසේ බිස්නස් අඩු වෙන එක හැම අවුරුද්දකම වෙනවා. පෙබරවාරි කියන්නේ ඕෆ් සීසන් එක. ඕනම ව්‍යාපාරයක පෙබරවාරී මාසේ බිස්නස් අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද ජනවාරී මාසේ අලු‍ත් අවුරුද්ද ලැබුවාම කාටත් වියදම් වැඩි නිසා පෙබරවාරි වගේ වෙද්දි මිනිස්සු ළඟ සල්ලි නෑ. ඒ නිසා කොහොමත් ආභරණ වගේ ව්‍යාපාරවලට බිස්නස් අඩු වෙනවා. මොකද ආභරණ කියන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඕක තමයි මේ දවස්වල බිස්නස් අඩු වෙන්න හේතුව. රාමසාන්, සිංහල හින්දු අවුරුද්ද වගේ උත්සව එද්දි තමයි අපිට බිස්නස් වැඩි වෙන්නේ. දැන් රත්තරන් මිල වැඩි නිසා ගොඩක් අය අපි ළඟට එනවා ආභරණ ගන්න. රත්තරන් වෙනුවට දැන් ගොඩක් අය දාන්නේ අපි ළඟ තියන ආභරණ තමයි. 

ශෂිකා අබේරත්න
ඡායාරූප-සුමුදු හේවාපතිරණ



අදහස් (0)

කාලෙන් කාලෙට බිස්නස් අඩු වැඩි වෙනවා: පිටකොටුව ප්‍රධාන වීදියේ ව්‍යාපාරික ඒ. ඩබ්ලිව් ෆාරිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site