IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි

චීනයේ පැතිර යන නව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක පාඩු විඳීමට සිදුව ඇතැයි විශේෂඥයෝ අද (29) ප්‍රකාශ කළහ.

රක්ෂණාවරණවලට වසංගත අයත් නොවීම හේතුවෙන් බොහෝ සමාගම්වලට පාඩු තමන්ටම විඳ දරාගැනීමට සිදුව තිබේ.

මේ වනවිට 132 දෙනකුට මරු කැඳවමින් ලොව රටවල් 15කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් හෝටල්, ගුවන් සේවා ආදී ක්ෂේත්‍රවල ගෝලීය සමාගම් රැසකට සිය ව්‍යාපාර කටයුතු නවතා දැමීමට සිදුව ඇත.

ගුවන් ගමන් අවලංගු කිරීම, ව්‍යාපාර කටයුතු නවතා දැමීම ආදිය නිසා ලෝ පුරා සමාගම් රැසකට මෙසේ බිලියන ගණනින් පාඩු විඳීමට සිදුව තිබේ.  

මෙම මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. මේ හේතුවෙන් අද (29) වනවිට ගුවන් සේවා සමාගම් හතක් චීනයට ගමන් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය. මේ තත්ත්වය මත ලෝ ප්‍රකට සමාජ ජාලයක් වන ෆේස්බුක් සමාගම සහ සුප්‍රකට බැංකුවක් වන ‘එච්.එස්.බී.සී.’ බැංකුව ඇතුළු සමාගම් රැසක් සිය සේවකයන්ට චීනයට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

“රක්ෂණ සමාගම්වලට වැඩිම පැමිණිලි ලැබෙන්නේ ව්‍යාපාර විශේෂයෙන්ම සංචාරක, සත්කාරක, උත්සව සහ ඉසව් සංවිධානය කරන සමාගම්වලින්. අනෙක් විශාලතම වියදම සෞඛ්‍ය සේවා වියදම්” යැයි හොංකොං කේන්ද්‍ර කරගත් ගෝලීය රක්ෂණ සමාගමක නීතිඥයෙක් පැවැසීය.

ලොව තිබෙන බොහෝ මහ පරිමාණ සමාගම් බෝ නොවන රෝග සඳහා රක්ෂණාවරණ ලබාගන්නා අතර ඒවාට මේ ආකාරයේ වසංගත ඇතුළත් නොවන බව ද එම නීතිඥවරයා කීවේය. මාධ්‍යයට අදහස් දැක්වීමට නිල බලයක් නොමැති නිසා හෙතෙම නම සඳහන් කළේ නැත.

2002-2003 වසරේදී රටවල් 37කට පැතිර ගිය ‘සාර්ස්’ වයිරසය හේතුවෙන් හොංකොංවලට සිදුවූ ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කි. කැනඩාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ත් 6ත් අතර පාඩුවක් සිදුවූ අතර සිංගප්පූරුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පාඩුවක් සිදුවූ බවත් ලෝ ප්‍රකට රක්ෂණ සමාගමක් වන ‘මාර්ෂ්’ සමාගම සඳහන් කළේය.

රොයිටර්

055



අදහස් (1)

කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි

sameera Friday, 31 January 2020 01:27 PM

අපිට සතයක්වත් පාඩුවෙලා නෑ කියයි. ඔන්න බලන්නකෝ...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site