බදුල්ලේ පාලිත ආරියවංශ
දියර කිරි සඳහා සාධාරණ මිලක් නොලැබීමත් ගව ගාල් සංවර්ධනය කර ගැනීමට රජය කිසිදු අයුරකින් සහයෝගය නොදැක්වීමත් නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ දියර කිරි සඳහා ගවයන් ඇති කරන ගොවීහු දැඩි අසිරුතාවකට පත්ව සිටිති.
පුනක්කු ඇතුළු ගව ආහාරවල මිල සහ ඖෂධවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයිද ඔව්හු මැසිවිලි නගති.
මේ හේතු නිසා බොහෝ දෙනෙක් කිරිගව පාලනයෙන් ඉවත්ව ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ ගොවීන් දෙදහසක පමණ පිරිසක් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දත්තවලින් අනාවරණය වී තිබේ.
හාලිඇල, පස්සර, කන්දකැටිය, වැලිමඩ, ඌවපරණගම, හපුතලේ, ලුනුගල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කිරිගොවීහු බහුතරයක් ජීවත්වෙති. ප්‍රදේශ කීපයකදීම කිරි ගොවීන් හමුවූ අවස්ථාවේ අපට අසන්නට ලැබුණේ මේ ආකාරයේ මැසිවිලිය ඔවුන්. කීපදෙනකු දැක්වූ අදහස් මෙසේය.
කේ.අනුෂා
අපි ඇල්ල බල්ලකෙටුව පදිංචිකරුවන්. මමයි මහත්තයයි මේ කිරිගව පාලනය කරන්නේ අවුරුදු 18 විතර කාලයක ඉඳලා. දියර කිරි ලීටරයකට තවමත් ලබාදෙන්නේ රුපියල් 150 යි.
වෙළෙඳපොළේ වතුර බෝතලයකුත් රුපියල් 180 ක් විතර වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. අපේ කිරි නිෂ්පාදනය වැඩිදියුණු කරන්න කිසිම වගකිවයුතු අංශයක් උදව් කරනනේ නැහැ. පුනක්කු මිටිය රුපියල් 6500 ටත් වඩා ඉහළ ගිහින් ඖෂධ දෙන්න වෙනවා. රෝගීවුණොත් පශු වෛද්‍යවරුන්ටත් ගෙවන්න වෙනවා. දැන්නම් කිරි ගව පාලනය කරන්න බැරිතරම්.
ඩී.එම්.නිලන්ති
අපට වෙන ආදායමක් නැහැ. කිරිහරක්ගෙන් ලැබෙන කිරි ටිකෙන් තමයි ජීවත්වෙන්නේ.
කිරි ගවයන් 3 දෙනෙක් ඉන්නවා. ගව ගාල සැඩ සුළඟට කැඩුණා. හදාගන්න මුදල් නැහැ. අමාරුවෙන් තමයි මේක කරගෙන යන්නේ. මිල වැඩි වුණොත් කොහොම හරි කරගෙන යන්න පුළුවන්. සාධාරණ මිලක් ලබාදීමට රජයේ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.
රිද්මා කුමුදුනී
මමත් ස්වයං රැකියාවක් ලෙස කිරි සඳහා ගවයන් ඇති කරනවා.
පස්සර ප්‍රදේශයේ මම වාගේම තවත් පිරිසක් මේ රැකියාවේ යෙදී සිටිනවා. අපි මොන තරම් දුකක් විඳල මේ ගව පට්ටි කරගෙන යනවද කියල කාටවත් තේරෙන්නේ නැහැ. කිරිපිටි මිල දිනෙන් දින ඉහළ ගියත් අපට දියර කිරි සඳහා ලැබෙන මුදල ඒ හා සමාන ලෙස වැඩි වෙන්නේ නැහැ.
මේක අසාධාරණයක්. රජය එක පැත්තකින් කියනවා කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕන කියල. එහෙත් ඒ සඳහා අපිට කිසිම සහයෝගක් ලැබෙන්නේ නැහැ. කිරි නිෂ්පාදනය වැඩි කරන්න නම් හොඳ කිරිගවයන් ලබාදීල යටිතල පහසුකම් වැඩි දියුණු කරගන්න අත හිත දියයුතුයි.
කේ.සුප්පයියා
හාලිඇල ස්ප්‍රිංවැලි වත්තේ කිරිගව පාලනය කරන පවුල් 50 ක් විතර ඉන්නවා. අපටත් තියෙන ප්‍රශ්නය තමයි දියර කිරි සඳහා සාධාරණ මිලක් නොලැබීම. කිරි පිටි මිල විශාල ලෙස පසුගිය කාලයේ වැඩි වුණත් දියර කිරි මිල වැඩිවුණේ නැහැ. අපේ මිනිස්සු පුරුද්දට වගේ මේ කර්මාන්තයේ යෙදුනත් ගව ආහාර මිල, අනෙකුත් වියදම් හා මහන්සිය බැලුවම ඉතින් කියන්න තියෙන්නේ අතින්කාල හරක් බැලුව වගේ වැඩක් තමයි කරන්නේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කිරිගව පාලනයේ නරක දසාව