IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොයිල් AGM 2025: වර්ධනය හා ගෝලීය පුළුල් කිරීමේ නව යුගයක ඇරඹුමක්

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ (COYLE-කොයිල්) 2025 වසර සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය මාර්තු 10 වැනිදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම රැස්වීම, ආර්ථීක සංවර්ධනයේ හා නවෝත්පාදනයේ ඉදිරි ප්‍රවණතා පිළිබඳ මඟ පෙන්වන තීරණාත්මක අවස්ථාවක් වූ අතර, ආර්ථීක වර්ධනය හා ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ නව ප්‍රවේශයක් ලබා ගැනීමට ප්‍රමුඛ අවස්ථාවක්ද විය. 

මෙම අවස්ථාවේදී, COYLE හි 2025/2026 වසර සඳහා නව සභාපති ලෙස මංජුල විජේසුන්දර මහතා පත් කර ගන්නා ලදී. 2024/2025 කාලය සඳහා සභාපති ලෙස කටයුතු කළ තුෂිර රදෙල්ලගේ මහතා, නවෝත්පාදනය පෙරදැරි කරගෙන සිදු කළ මෙහෙවර මෙහිදී සුවිශේෂී ඇගැයුමකට ලක් විය. 

තුෂිර රදෙල්ලගේ මෙහෙයවීම යටතේ, COYLE ශ්‍රී ලංකා ව්‍යවසායකයන් සඳහා ප්‍රමුඛ පහසුකම් සලසන්නකු ලෙස තවත් ශක්තිමත් විය. නව ව්‍යාපාරික අවස්ථා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම, නවෝත්පාදනය, ව්‍යාපාරික උන්නතිය වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සහ කර්මාන්ත සංවර්ධනය යන අංග මත කේන්ද්‍රගතව ඔහු කටයුතු කළේය. මෙමගින් ඔහු ආයතනයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් ශක්තිමත් අධිතාලමක් දැමූ අතර, එය අනාගත වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ. 

ජාත්‍යන්තර වෙළෙඳාමේ මනා පළපුරුද්දක් සහිත, විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවල විශේෂඥතාවක් ඇති ව්‍යවසායකයකු ලෙස, මංජුල විජේසුන්දර මහතා COYLE හි නව නායකත්වය භාර ගැනීම වැදගත් අවස්ථාවකි. “මංජු ඒජන්සි” හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහු, ශ්‍රී ලංකාවේ විශාලතම යතුරුපැදි අමතර කොටස් බෙදාහැරීමේ ජාලයක ප්‍රමුඛයා ලෙස කටයුතු කරයි. දිවයින පුරා වෙළෙඳ නියෝජිතයන් 300කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්තව පවතින ඔහුගේ මෙම බෙදාහැරීමේ ජාලය නව රැකියා ජනිත කරමින් දේශීය ආර්ථීකය පෝෂණය කිරීමට මහත් කටයුත්තක් සිදු කරයි. 

ශ්‍රී ලංකාව පමණක් නොව, චීනයේ නිංබෝ මැචි ඉම්පෙක්ස් සමාගම හි අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු ජාත්‍යන්තර මෝටර් අමතර කොටස් වෙළෙඳපොළේ තවත් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. Industrial Multiclean Systems (IMS) හරහා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා ලෝකප්‍රකට කාර්මික පිරිසුදු කිරීමේ උපකරණ සහ හෝටල් සැපයුම් උපකරණ සේවා සැපයීමේ කාර්යයේද ඔහු නිරත වේ. The Garden Fusion Café ඔහුගේ නවතම ව්‍යාපාරයයි, එය ශ්‍රී ලංකා රසයන් ඉතාලි කෝපි සංග්‍රහය සමඟ එක්සත් කරමින් ආහාරපාන ක්ෂේත්‍රයේ නව්‍යතා හඳුන්වා දීමට ඉදිරිපත් ව ඇත.

COYLE හි නායකත්වය භාරගෙන ඇති මංජුල විජේසුන්දර, ව්‍යාපාරික සංවර්ධනය, ගෝලීය ව්‍යාප්තිය, විනිවිද පෙනෙන ප්‍රතිපත්ති සම්පාදනය සහ සාමූහික වර්ධනය යන මූලික අරමුණු මත අවධානය යොමු කරමින් සිය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය. ඔහු COYLE හි ජාත්‍යන්තර නායකත්වය වර්ධනය කිරීමට අරමුණු කරමින්, G20 යොවුන් ව්‍යවසායක සන්ධානය හරහා ගෝලීය ජාලකරණය ශක්තිමත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. ඒ අනුව මියන්මාරය, දකුණු කොරියාව සහ අනෙකුත් රටවල් සමඟ නව අවබෝධතා ගිවිසුම් (MOUs) ඇති කිරීම මගින් අදාළ රටවල් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගනිමින්, එම රටවල ව්‍යාපාරික අවස්ථා වර්ධනය කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ Ease of Doing Business ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම සඳහා, ඔහු ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ සමීපව ක්‍රියාකරමින්, ව්‍යාපාර නීති සරල කිරීම සහ යහපාලනය, විනිවිද බව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. COYLE සාමාජිකයන් සියලු‍ දෙනා එක්සත් කර ගනිමින්, සාමූහික පදනමින් ආයතනයේ හා ආර්ථිකයේ අරමුණු සාක්ෂාත් කිරීමට කටයුතු කරනු ඇත.



අදහස් (0)

කොයිල් AGM 2025: වර්ධනය හා ගෝලීය පුළුල් කිරීමේ නව යුගයක ඇරඹුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site