IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොමර්ෂල් RemitPlus ගනුදෙනුකරුවන්ට මුදලින් රුපියල් මිලියන තුනක්

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට උත්සව සමය කලින් උදාවී ඇත.

පෙබරවාරි 15 වැනි දා සිට කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා එක් ගනුදෙනුකරුවකුට සෑම දිනකම රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබයි. එම ජයග්‍රහණ මාලාව 2025 අප්‍රේල් 15 වනතුරු ක්‍රියාත්මක වන අතර දෙසතියකට වරක් පවත්වන දිනුම් ඇදීමෙන් රුපියල් මිලියන තුනක් දක්වා මුදලින් ත්‍යාග ලබාදෙන බව බැංකුව පවසයි.

මුදල් ප්‍රේෂණ වල වටිනාකම නොතකා RemitPlus හරහා මුදල් ලබාගන්නා සියලු‍ම ගැනුම්කරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබන අතර ජයග්‍රාහකයන්ගේ නම් බැංකුවේ සමාජ මාධ්‍ය නාලිකා හා RemitPlus යෙදවු‍ම හරහා ප්‍රකාශයට පත් කරන බවද බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ RemitPlus යෙදවුම නවීන, වියදම් අඩු, තත්‍ය කාලීන, මාර්ගගත, ප්‍රේෂණ සේවාවකි. එමඟින් විදේශගත වූ ශ්‍රී ලාංකිකයන්ට ලොව පුරා බොහෝ රටවල්වලින් ක්ෂණිකව මුදල් යැවීමට හැකියාව ලැබේ. රටවල් 130කටත් වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සැදුම් ලත් ජාලයක් හරහා කොමර්ෂල් බැංකුවේ RemitPlus සේවාව මගින් මුදල් ලබාගන්නන්ගේ කොමර්ෂල් බැංකු ගිණුම් වෙත දවසේ ඕනෑම වේලාවක හා වසරේ ඕනෑම දිනක ප්‍රේෂණ මුදල් ක්ෂණිකව බැර කෙරේ.

ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව ප්‍රේෂණ සම්බන්ධයෙන් ඔවුනට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් RemitPlus ජංගම යෙදුමක් ද හඳුන්වා දී ඇත. ්App Store fyda Google play store හරහා ඕනෑම කෙනකුට RemitPlus ජංගම යෙදවුම බාගත කරගෙන, සම්බන්ධ වීමේ ගාස්තුවක් හෝ වාර්ෂික ගාස්තුවක් හෝ නොමැතිව භාවිත කළ හැක. 

කොමර්ෂල් බැංකුවෙ විදේශ මුදල් ප්‍රේෂණ ගිණුමක් විවෘත කිරීමටත් විදේශ මුදල් ප්‍රේෂණ කාඞ්පතක් නොමිලේ ලබා ලබාගැනීමටත් නිත්‍ය විදේශ මුදල් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් සුදුසුකම් ලබයි. ප්‍රේෂණ ගිණුමට බැරවී ඇති මුදල් ලබා ගැනීමට කාඞ්පත හරහා ප්‍රවේශ විය හැකිය.

 



අදහස් (0)

කොමර්ෂල් RemitPlus ගනුදෙනුකරුවන්ට මුදලින් රුපියල් මිලියන තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site