
එංගලන්තයේ සුප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේ දී පිට පිටම 11 වතාවටත් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතරට පැමිණ තිබේ.
ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වැනි වසර සඳහා ප්‍රකාශනයට පත්කර තිබෙන අතර එහි වැඩිම කාලයක් අඛණ්ඩව රැඳී සිටි දේශීය බැංකුව කොමර්ෂල් බැංකුවයි.
එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප්‍රකාශනයට පත්කරන ‘ද බෑන්කර්’ සඟරාව විසින් මූලික වශයෙන් පළමු පෙළ ප්‍රාග්ධනය පදනම් කරගනිමින් බැංකු වර්ගීකරණය කරයි.
‘කොමර්ෂල් බැංකුවේ ශක්තිය සහ වෘත්තීයභාවය මෙන්ම වසංගත තත්ත්වය වෙනුවෙන් බැංකුව සිදුකළ කැප කිරීම් මෙම වර්ගීකරණය මගින් සත්‍යවශයෙන්ම සහතික කරනවා.’ යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොමාර්ෂල් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට