ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත.
දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ළඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන එළිදැක්වීම් හා සම්බන්ධ කටයුතුවලදී බැංකුව සහ කවුන්සලය සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටී.
සම්පත් කාර්යක්ෂමතාව හා සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සඳහා ප්‍රමුඛත්වය දෙන, චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කරන සහ ශ්‍රී ලංකාවේ අනාගත යහපැවැත්ම සුරක්ෂිත කරමින් පරිසරය ශක්තිමත් වන හා සමාජ සංවර්ධනයට තුඩු දෙන තිරසාර මූල්‍යකරණ මූලධර්ම අනුගමනය කරන, ව්‍යාපෘති සඳහා මෙම මූල්‍ය නිෂ්පාදන සහාය වනු ඇති බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “පරිසර හිතකාමී ඉදිකිරීම් සඳහා වන ඕනෑම ප්‍රයත්නයක බලපෑම මැන බැලීමට නම් ඒ සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය හා සහතික කිරීම් අත්‍යවශ්‍ය වනවා. ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සඳහා සිටින ප්‍රමුඛතම අධිකාරිය හරිත ගොඩනැගිලි කවුන්සලය වන අතර අපගේ හරිත ණය වැඩසටහන් සඳහා ඔවුන් ලබා දෙන දායකත්වය අපගේ ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු අගයක් එකතු කරනු ඇති.”
ගොඩනැගිලි, ගොඩනැගිලි ද්‍රව්‍ය, යටිතල පහසුකම් සංවර්ධනය, නිවාස හා මහල් නිවාස, ප්‍රවාහන යටිතල පහසුකම් සහ තිරසාර නගර සඳහා සහතික නිකුත් කිරීම සඳහා හරිත ගොඩනැගිලි කවුන්සලය මගින් වැඩිදියුණු කර ප්‍රකාශයට පත් කරන ලද GREENSL ශ්‍රේණිගත කිරීමේ පද්ධති, මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් පිළිගන්නා අතර කවුන්සලයේ GREENSL සහතිකය ලබා ගන්නා ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘතිවලට බැංකුව විසින් ලබා දෙන විශේෂ පොලී අනුපාත හා අනෙකුත් ප්‍රතිලාභ ඇතුලත් විශේෂයෙන් සැලසුම් කරන ලද මූල්‍ය නිෂ්පාදන සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බවට බැංකුව එකඟ වී ඇත.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය ගිවිසුමක