කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ සෙසු පෞද්ගලික ආරක්ෂණ උපකරණ පරිත්‍යාග කර තිබෙන බව එම බැංකුව කියයි.
කොරෝනා වසංගතයේ දී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මෙම වැඩසටහන දියත් කර ඇත. මේ තුළින් රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යන අතර පරිත්‍යාග කර තිබෙන පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල, KN 95 මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, දෑත් සේදුම් විෂබීජ නාශක දියර, ස්ලිට් ලාම්පු, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ට්‍රේටර් උපකරණ වයිරසය පැතිරීම පාලනය කිරීමට උපකාරී වේ.
මෙම පරිත්‍යාග හිමි වූ රෝහල් අතරට තිස්සමහාරාම, හෝමාගම සහ තෙල්දෙණිය දිස්ත්‍රික් මහ රෝහල්, මහනුවර සහ කෑගල්ල රෝහල්, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මාතලේ සහ පුත්තලමේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මෙන්ම ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය විද්‍යාලය අයත් වේ.
මෙම වැඩසටහන යටතේ සිදුවෙමින් පවතින සෞඛ්‍ය ව්‍යාපෘති අතරට කිලිනොච්චියේ කරච්චි ප්‍රදේශයේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට උපකරණ පරිත්‍යාග කිරීම, මොනරාගල දිස්ත්‍රික් රෝහලේ වකුගඩු ඒකකයට හිමොඩයලිසිස් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, පලෙයි ප්‍රාදේශීය රෝහලට ECG යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, කයිට්ස් මූලික රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ද ඇතුළත් වේ.

2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොමර්ෂල් බැංකුවෙන් සෞඛ්‍ය අංශයට දිගටම සහයෝගය