
පසුගිය දින පැවති කැන්-සර්-වයිව් 16 වැනි සම්මන්ත්‍රණය සමග ලංකා රෝහල් ශ්‍රවණාගාරය යළිත් වරක්, පිළිකාවෙන් සුවය ලැබූවන්ගේ නොසැලෙන සවිය, අධිෂ්ඨානය සහ නැවුම් බලාපොරොත්තු පිළිබඳ ජීවන අත්දැකීම්වලින් සපිරී තිබිණි. පියයුරු පිළිකාවෙන් සුවය ලැබූ කාන්තාවන් සහ සෞඛ්‍ය අංශයට සම්බන්ධ විවිධ සම්පත් දායකයන් 16 වැනි කැන්-සර්-වයිව් (Can-Sur-Vive) පිළිකාවෙන් සුවය ලැබූවන්ගේ වැඩසටහන සහ සම්මන්ත්‍රණය සඳහා එක් වූහ. මෙම සුවිශේෂී වැඩසටහන පියයුරු පිළිකාවෙන් ජයගත් අය සඳහා ශක්තියේ සහ සහයෝගීතාවේ තෝතැන්නක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යයි.
මෙම සම්මන්ත්‍රණය විශේෂඥ දැනුම, අත්දැකීම් බෙදාගැනීම සහ ප්‍රායෝගික මඟ පෙන්වීම්වලින් සමන්විත වූ අතර, සමස්ත සුවය ලැබීමෙන් පසු රෝගීන් රැකබලා ගැනීමට ලංකා රෝහල් සතු දීර්ඝකාලීන කැපවීම නැවත තහවුරු කළේය.
දවසෙහි සැසි ආරම්භ කරමින් විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතා සැත්කම්වලින් පසු ඇතිවිය හැකි ගැටලු සමඟ ජීවත් වන ආකාරය පිළිබඳව අදහස් දැක්වීය. ඔහු සැත්කමෙන් පසු ඇතිවන දුෂ්කරතා විශ්වාසයෙන් යුතුව සහ සැලකිල්ලෙන් කළමනාකරණය කර ගැනීමට උපකාර වන වටිනා ක්‍රමවේද බෙදා ගත්තේය. අනතුරුව, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා විසින් හෝමෝන ප්‍රතිකාරය පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින්, සංකීර්ණ වෛද්‍ය සංකල්ප ප්‍රායෝගික දැනුමක් බවට පත් කළ අතර, එය සහභාගිවන්නන්ට ඔවුන්ගේ දිගටම කළ යුතු ප්‍රතිකාර අවශ්‍යතා වඩා හොඳින් තේරුම් ගැනීමට හැකි විය.
වැඩසටහනට නව ජීවයක් එක් කරමින්, ප්‍රවීණ සුවතා පුහුණුකරු වන කේ.පී. ඥානපාල මහතා පිළිකාවෙන් සුවය ලැබූවන් සඳහා වූ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සැසියක් මෙහෙයවීය. ඔහු අවධාරණය කළේ ශාරීරික ක්‍රියාකාරකම් දෛනික වැඩවලට වඩා බෙහෙවින් ඔබ්බට යන බවත්, එය සුවය ලැබීම, පුනරුත්ථාපනය සහ දිගුකාලීන ශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය අංගයක් වන බවත්ය. ඔහුගේ පුහුණු කිරීමේ ක්‍රමය නිසා ප්‍රේක්ෂකයන් ඉතා උනන්දුවෙන් සහභාගි වූ අතර, එය සියලු දෙනාටම ප්රබෝධයක් ලැබුණු අවස්ථාවක් විය.
වැඩසටහනේ තවත් අංගයක් ලෙස, ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ කණ්ඩායම විසින් ඖෂධ ආරක්ෂිතව භාවිත කිරීම සහ පරිහරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කළහ. මෙය ප්‍රතිකාරයෙන් පසු ඖෂධ ආරක්ෂිතව හා නිවැරදිව භාවිත කිරීමේ වැදගත්කම තේරුම් ගැනීමට උපකාරී විය. අවසන් වශයෙන්, දිල්මි වීරසිංහ මහත්මිය විසින් මනස සුවපත් කර ගැනීම සඳහා සිහිය පුහුණු කිරීම පිළිබඳ සිත සුවපත් කරන සැසියක් පැවැත්වූ අතර, එහිදී සහභාගිවන්නන් ඔවුන්ගේ පූර්ණ සුවය කරා යන ගමනේ කොටසක් ලෙස සන්සුන් බව, දැනුවත්භාවය සහ මානසික සමබරතාව වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියට යොමු කළාය.
2025 නොවැම්බර් මස 21
130
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කැන්-සර්-වයිව්‘ 16 වැනි සම්මන්ත්‍රණය: පිළිකාව ජයගත් සුවය හා ශක්තිය ලංකා රෝහලේදී සමරයි