සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
කන්නයක් තිස්සේ වෙහෙස වී කරන වී ගොවිතැනට සාපේක්ෂව වෙනත් සම්මිශ්‍රිත බෝග වගා කිරීමෙන් වැඩි ආදායමක් උපයන තරුණ ගොවියකු සොයා ඉකුත් දිනක අපි ඔහුගේ ගොවිපොළ වෙත ගියෙමු. ඔහු නමින් ඉෂාර වර්ණසුරිය නම් විය. අනුරාධපුරයේ, මහවැලි එච් කලාපයේ එප්පාවල, මකුලෑව ගම්මානයේ දිවි ගෙවන ඉෂාර සිය අක්කර දෙකහමාරක කුඹුරේ වී වෙනුවට විවිධ බෝග වගා කර දෛනිකව ආදායම් ඉපැයීමට අවැසි පසුබිම නිර්මාණය කරගෙන ඇත්තේ කලක් තිස්සේය. ඉෂාර සිය වගා රටාව පිළිබඳව මෙසේ අදහස් දැක්වූවේය.
“වී ගොවිතැන් කරලා කන්නෙකට සැරයක් ගන්න ආදායම හරි විදිහට කරන වෙන වගාවකින් එක දවසකින් ගන්න පුළුවන් කියන එක මං මේ ගොවිපොළෙන් ඔප්පු කරලා තියෙනවා. මෙතැන අක්කර දෙක හමාරක් තියෙනවා. දැන් දවස ගානේ ආදායමක් ගන්න පුළුවන් පිළිවෙළට මං මේක සැලසුම් කරලා තියෙනවා. සම්පුර්ණයෙන්ම කාබනික වගාවක් විදිහට තමයි මේක සැලසුම් කෙරුවේ. කාබනික වගාව ආවාට ගියාට හදිසියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ මේ පස නිසරු වෙලා තියෙන්නේ. ඒ ගැන අවබෝධයෙන් පොළොවට විශේෂ විදිහට සත්කාර කරලා වගාව කරන්න වෙන්නේ.”
පොල්, පුවක්, කෙසෙල්, අන්නාසි, කොහිල, බුලත්, දෙහි, කිරි අල, වැල් දොඩම්, ගම්මිරිස්, නයි මිරිස්, අනෝදා ආදිය වගා කර මෙසේ වසර පුරා ආදායම් ලැබීමට අවැසි පසුබිම ඔහු නිර්මාණය කරගෙන තිබේ. කෘෂිකර්ම නිලධාරියකු ලෙස සිය වෘත්තීය මෙහෙවර ඉටුකරන අතරවාරයේ ලැබෙන ඉඩ අවසරයෙන් ඉෂාර මෙම මාහැගි ගොවිපොළ නිර්මාණය කිරීම තවත් විශේෂත්වයකි.
“වී ගොවිතැන් කරන කෙනකුට අවුරුද්දටම කන්න දෙකයි වගා කරන්න වෙන්නේ. අක්කරේට වර්ග මීටර් හාරදාහයි. ඒ කියන්නේ වටප්‍රමාණය මීටරයක් තියෙන කොටු හාරදාහයි. අක්කරේකට වී අස්වැන්න කිලෝ දෙදහයි කියලා හිතුවොත් වර්ග මීටරේකට වැටෙන්නේ වී ග්‍රෑම් පන්සීයයි. වී කිලෝ එකක් රුපියල් සීය ගානේ වික්කොත් රුපියල් ලක්ෂ දෙකයි. බිම හාන්න, බිත්තර වීවලට, තෙල්, පොහොර, ගොයම් කපන්න මැෂින්වලට යන වියදම, කම්කරු කුලිය, ප්‍රවාහන වියදම්, ශ්‍රමය, බත්, බුලත් මේ හැමදේම වියදම්. එතකොට කන්නෙකට වී ගොවිතැන් කරලා ගන්න ආදායමේ ඇති ඉතුරුවක් නෑ. කෑමට වී ටිකක් ඉතුරු වෙනවා විතරයි.”
ඇසොල්ලා වගා කර නයිට්‍රජන් පොහොරක් ලෙස වගාවට යෙදීමට ඉෂාර කටයුතු කර තිබේ. එමෙන්ම ගැඩවිල් පණුවන් මගින් නිෂ්පාදනය කෙරෙන දියර පොහොරක් වගාවට යෙදීමට ඔහු භාවිත කර ඇත්තේ අපුරුම උපක්‍රමයකි. එය ඔහුගේම අදහසකි. එනම් ගැඩවිල් පොහොර සිය වගා ළිඳෙහි ජලය හා මිශ්‍ර කර යන්ත්‍රාණුසාරයෙන් වගාවට පොම්ප කිරීමට ඉෂාර සැලසුම් කර ඇත්තේ ඒ සදහාම සුදානම් කළ තාක්ෂණික පිළිවෙතක් අනුවය. එමෙන්ම ඔහු බිත්තර සඳහා කුකුල් පාලනයට යොමුව ඇත්තේ වෙනස්ම අදහසක පිහිටාය. ජල තටාකයක් මත ඉදිකළ කුඩුවක ඔහු කුකුල් පාලනයට යොමුව තිබේ. එමගින් කුකුල් වසුරු ජලයට වැටී මිශ්‍ර වනසේ කූඩුව ඉදිකර ඇත. ඒ ඔස්සේ ස්වාභාවික දියර පොහොරක් නිෂ්පාදනය කරගැනීමට ඉෂාර සමත්ව තිබේ. එමෙන්ම ගොවිපොළ තුළදීම ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගි කරගෙන සිදුකරන නිෂ්පාදන මගින් පලිබෝධ හානි වළකා ගැනීමට ද ඔහුට හැකිව ඇත.
“මේ තියෙන භව බෝගවලට මොනව හරි පලිබෝධ හානියක් ආවොත් ගොවිපොළ ඇතුලෙම හදාගන්න ද්‍රාවණයක් තමයි පාවිච්චි කරන්නේ. හරක් කන්නේ නැති කොළ වර්ග දහයක් වනේ දාලා කොටලා හදාගන්න දාවණයක් තමයි වගාවට ඉහින්නේ. කොහොඹ, ගම්මිරිස්, වල් සුරියකාන්ත, බුලත්, නික, කදුරු, කෝමාරිකා, මී, නත්තසුරිය, පේර වගේ කොළවලින් තමයි මේ ද්‍රාවණය හදාගන්නේ.”
ඉෂාර සිය ගොවිපොළ තුළ තවත් කිහිපදෙනකුට ජීවනෝපාය සරිකොට දී තිබේ. ඔහු ඒ පිළිබදව මෙසේ කරුණු කීවේය.
“මං නැති දවසක වුණත් කෙනකුට නඩත්තු කරන්න පුළුවන් පිළිවෙළට තමයි මේ ගොවිපොළ හදලා තියෙන්නේ. හැම දවසකම වගේ මෙතැන දෙතුන් දෙනෙක් වැඩකරනවා. ඒ අයත් දවසේ ආදායම හොයාගෙන ජීවත් වෙනවා. මට නිවාඩු තියෙන ඉරිදා, සෙනසුරදා දවස් දෙකේ උදේ ඉදන් සවස් වෙනකන් මං මෙතැන ඉන්නවා. අපි සවසට කඩාගන්න අස්වැන්න උදේට තඹුත්තේගම මාකට් එකට අරගෙන යනවා. පොල්, පුවක්, කෙසෙල්, අන්නාසි, එළවළු, මිරිස් වගේ දේවල් ගෙනියනවා. මෙතැන පැෂන් වගාවක් දාලා තියෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. කවුරුවත් වැඩිය හිතන් නැති ගොවිතැන් මේවා. හැම ඉඩකින්ම අපි ප්‍රයෝජන අරගෙන තියෙනවා. විශ්ව විද්‍යාල ළමයි පවා මෙතෙන්ට එනවා විස්තර අහන්න. එන ඕන කෙනකුට ඇත්තටම ගොවිතැන් කරලා ගොඩයන්නේ කෙහොමද කියන එක කියලා දෙනවා.”
“ගොවිතැන් කරන එක කොයිතරම් නිදහස් රස්සාවක් ද කියන එක විස්තර කරන්න බැරි තරම්. කාගෙන්වත් බලපෑමක් ඇත්තෙත් නෑ. කාටවත් කරදරේකුත් නෑ. උත්සාහය තියෙනවා නම් මේ පොළොවේ වවන්න බැරි දෙයක් නෑ.

2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්නයක ආදායම දිනකින් හොයන ගොවියෙක්