විමුක්ති එස් රුද්‍රිගු
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය කිරීමට සමාගම් සහ ආයතනවලට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එලෙස ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සිදු කිරීමේදී අමතර ගාස්තුවක් අයකළ හොත් කාඩ්පත අයත් බැංකුවට පැමිණිලි කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවත් එහිදී අයකර කර ඇති වැඩිපුර මුදල අදාළ බැංකුව පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ඇති බවත් ඔහු පැවැසුවේය. කෙසේ නමුත් පැමිණිලි කරන විට අමතර ගාස්තුවක් අයකළ බවට පැහැදිලි සාක්ෂි සහිත ගනුදෙනුවේ රිසිට් පත් පාරිභෝගිකයා ඉදිරිපත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ලංකාවේ වසරකට ඩිජිටල් ගනුදෙනු ලක්ෂ 16 ක් සිදුවන බවද ඔහු සඳහන් කළේය. ඉන් ලක්ෂ 8 ක් ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු බවත් ලක්ෂ 6 ක් ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු බවත් ඔහු පැවැසුවේය. ලංකාවට ඉතාමත් හොඳ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාඩ්පත් ගනුදෙනුවලදී සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය කිරීමට නීතිමය ප්‍රතිපාදන නෑ