IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කොටස් වෙළෙඳාම ඓතිහාසික වාර්තාවකට සූදානම්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ හැසිරෙන ප්‍රවණතා අනුව සියලු කොටස් මිල දර්ශකය අලුත් වාර්තාවක් සනිටුහන් කරනු ඇති අතර ආයෝජකයන්ගේ සක්‍රීයභාවය අනුව තවත් ඉදිරියට ගමන් කරන්නට ඉඩ තිබේ. සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 ඉක්මවනු ලැබුවහොත් ගනුදෙනු දිනපහක් තුළ ඒකක පන්සියයකින් ඉහළයාම මෙරට ගනුදෙනු ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් විය හැකිය.

කැබිනට් තීරණයක් අනුව විදේශ සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කර තිබේ. මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ පසු මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන ඉන්දියාව, රුසියාව හා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හතළිස් හයක විදේශිකයන් මෙරටට පැමිණීමේ දී වීසා ගාස්තු අය නොකෙරේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 66 ක විදේශ විනිමය ප්‍රමාණයක් වීසා ගෙවීම් සමග රටට ලැබී තිබුණි. මෙම තීන්දුව සමග වැඩි සංචාරක ආකර්ෂණයක් අපේක්ෂා කෙරේ. මෙම සතියේ දී සංචාරක හෝටල්, අවන්හල් හා සංචාරක අංශයට අදාළ සේවා කාණ්ඩයේ සමාගම්වල කොටස් මිල දී ගැනීමට ප්‍රවණතාවක් බලාපොරොත්තු වේ.

ඉකුත් සතියේ විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 217 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ. සිකුරාදා රුපියල් මිලියන 137 ක කොටස් විදේශිකයන් මිල දී ගන්නා අතර විකිණීම් රු. මිලියන 135 කි. 

කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඉකුත් සිකුරාදා (ජුනි 25) සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,467.71 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 88.47 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,755.04 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 27.67 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 4.22 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 34,091කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 200.2 ක් විය. සමාගම් 164 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 39 කි. 

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳාම ඓතිහාසික වාර්තාවකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site