ශ්රී ලංකාවේ ආර්ථිකය හැසිරෙන ආකාරය ගැන කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශ සිය අවධානය යොමු කරන බව පෙනේ. දේශීය ආයතනික හා දේශීය සුළු ආයෝජකයන් සක්‍රීය වී ඇත. රජයේ ආදායම මැයි මාසයේ දී වර්ධනයවීම හා සෘජු විදේශ ආයෝජන ලැබීම් පසුගිය වසරේ මුල් භාගයට වඩා දෙගුණයක්වීම ද සැලකිය යුතු ප්‍රවණතාවකි. මෙම සාධක සමග පැවැති වාතාවරණය වෙනස් වෙමින් පැවැතීම ධනාත්මකය. පසුගිය සති කිහිපය තුළ විදේශ ආයෝජකයන් දක්වන ලද ප්‍රවණතා වෙනස් කර මිල දී ගැනීම් තියුණු වුවහොත් කොළඹ කොටස් වෙළෙඳපොළ තවදුරටත් ස්ථාවර භාවයක් කරා ගමන් කරනු ඇත.
ඊයේ (ජුනි 21) කොටස් වෙළළෙපොළ ද ගනුදෙනුවල දී මෙතෙක් අවධානයට යොමු නොවූ සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් තිබුණි. ඉහළ මිල ගණන් දක්වා වර්ධනය වූ බැංකු, මූල්‍ය, රක්ෂණ, වැවිලි හා නිෂ්පාදන අංශවලට අයත් ඉසුරුමත් සමාගම්වල විකිණීම් හේතු කොටගෙන එස්. ඇන්ඩ් පී.එස්.එල්. 20 දර්ශකය සුළු වශයෙන් පහත වැටිණ. එම ස්වභාවය ඉදිරියේ දී නැවත සුපුරුදු රිද්මයට ඇතුළුවනු ඇත. සිලෝන් ගඩේයන් කොටසකට රු. 5.50 ක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,044.80 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 70.38 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,646.99 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 8.44 ක පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 5.39 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 39,750 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 216.4 ක් විය. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 100 කි.
රීල් ප්‍රොපටි රු. මිලියන 291 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 261 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 197 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 191 ක්, ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන් රු. මිලියන 178 ක්, සමූපකාර රක්ෂණය රු. මිලියන 168 ක්, යුනයිටඩ් මෝටර්ස් රු. මිලියන 151 ක්, ඕවර්සිස් රියැලිටි රු. මිලියන 140 ක්, ඩී.එෆ්.සී.සී. රු. මිලියන 139 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 135 ක් සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 126 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොටස් වෙළෙඳපොළ ආර්ථිකයේ ප්‍රවණතා කෙරේ අවධානයක