‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.
කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික කටයුතු මැයි (11) වැනිදා සිට පැය 2කට සීමා කර ඇත. ඒ අනුව දෛනික ගනුදෙනු සිදුවන්නේ උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පමණි.
සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනය අවසානයේදී ඒකක 119.30කින් එනම් සියයට 2.81කින් ඉහළ ගියේය.
‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය ඒකක 43.70කින් ඉහළ ගියේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.59ක වැඩි වීමකි. ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 1,729.15ක් ලෙස දැක්විණි.
මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මැයි 11 වැනිදා විවෘත කළ අතර එදින සහ පෙරේදා එනම් මැයි (12) වැනිදා ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය කඩා වැටිණි. ඒ හේතුවෙන් දෛනික ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවිය.
ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 28.75කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 41.12කින් ද පහත වැටී ඇත.
සඳුඳා (11) විවෘත කිරීමට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.
මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනාත්මක නිවුස් කොටස් වෙළඳපොල සම්බන්ධයෙන් අසන්නට ලැබේවා...!