ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව 30 ක් පිරිනැමීමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. ශිෂ්‍යත්ව හිමි කරගත් සිසුන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර වෙළෙඳාම හා සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඉංජිනේරු කළමනාකරණය, සායනික මනෝවිද්‍යාව හා ජාත්‍යන්තර ව්‍යාපාර යන විෂය ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනයේ නිරත වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව තෘතිය අධ්‍යාපනය සැපයීමේ ප්‍රමුඛතම රටක් යැයිද මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෲස් හච්සන් මහතා පැවැසීය.
“ඕස්ට්‍රේලියාව යනු තෘතිය අධ්‍යාපනය සපයන ප්‍රමුඛතම රටක්. අපි සිසුන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අඛණ්ඩව පුළුල් කර තිබෙනවා. දැනට ජාත්‍යන්තර සිසුන් 708,000ක් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබනවා.”
“පසුගිය වසරේදී එම සංඛ්‍යාව 640,000ක් වුණා. ඒ අතරේ ශ්‍රී ලංකාවේ සිසුන් ද ඉන්නවා” යැයිද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෲස් හච්සන් මහතා පැවසීය. .
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශවීය සබඳතා ආරම්භ කර මේ වසරට වසර 70ක් සැපිරෙන බව ද සිහිපත් කළ මහ කොමසාරිස්වරයා මෙහිදි අධ්‍යාපනයයේ වැදගත්කම සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා මිත්‍රශීලි සබඳතා පවතින්නේ දශක ගණනාවක පටන්. එහි ප්‍රධාන සම්බන්ධයක් විදියට අධ්‍යාපනය පෙන්වා දෙන්න පුළුවන්. 1950 දශකයේ මුල් වසරවලදී ආරම්භ කරන ලද කොළඹ සැලස්මට අනුව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 1,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා” යැයි ද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

COMMENTS
ඉතාම හොඳ දෙයක්. ඉස්සර කලම්බු ප්ලෑන් එක යටතේ ශිෂ්‍යත්ව දුන්නා. නමුත් ඊට පසුව එවැනි දෙයක් ගැන තොරතුරක් ඇසුවේ අදයි. මේ ශිෂ්‍යත්ව ලාංකිකයින්ට ලැබීම සතුටක් වුනත් එයින් අපේ රටට නම් එතරම් ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ ශිෂ්‍යත්වධාරීන් බොහෝ විට මෙහෙ ස්ථිර පදිංචිය ලබාගන්නවා මිසක් ආපසු ලංකාවට යන්නේ නැහැ . .
ඕස්ට්‍රේලියාවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 30 ක් ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවෙ සිටින ශ්‍රී ලාංකික සිසුන්ටද ? නොමෙති නම් ලංකාවේ සිටින සිසුන්ටද ? ශිෂ්‍යත්ව දුන් ක්‍රමවේදයනම් පින්තුර වලින් පේනවා.
මගේ මෙම අදහස් කිසිවකු හට උසුළු විසුළු කිරීමට හෝ අපහාස කිරීමට නොවන බව කාරුණිකව සදහන් කරමි. ඡායාරූපවලට අදාලව නම් වැඩිපුරම සිටින්නේ වයසින් මුහුකුරා ගිය පිරිසක් බැවින් සහ ශිෂ්‍යත්ව ලාබින් තේරීමේදී යම්කිසි දැන හැඳුනුම්කම් මත පදනම් වුවද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් හොඳ දෙයක් වන මෙය සහ සියල්ලෝටම සුබ පැතුම්.
මේ ශිෂ්‍යත්ව ලබාදෙන්නේ පරීක්ෂණ වලට අදාලවයි. ගොඩක්ම වෙලාවට පශ්චාත් උපාධි. මෙයාලා කරන අලුත් සොයාගැනීම් වල අයිතිය එහෙ විශ්ව විද්‍යාලයටයි. එ් වගේ තමයි රටක් දියුණු වෙන්නේ. එහෙම නැතුව කැසිනෝ වලට බදු සහන දීලා නෙවෙයි.
මේකත් දේශපාලන හිතවතුන්ව පිටරට පටවන තවත් මගඩියක්. ඕස්ට්‍රේලියා රජය සද්භාවයෙන් කලාට අපේ රටේ සිද්ද වෙන්නේ මගඩි. කාට හරි මොන ක්‍රමයකින් හෝ පිටරටට පැන ගන්න ක්‍රමයක් තියනවා නම්, ඒක ලොකු දෙයක් මේක මිලේච්ජයින්ගේ පාරාදීසයක්. උගතුන්ට ලංකාවේ කරන්න යමක් තවත් ඉතුරු වෙලා නැහැ. අනික ඉතින් මෙතන ඉන්න අය වුණත් මොනතරම් නම් රැස්වීම්වලට සහභාගී වී මහන්සි වෙන්න ඇද්ද? මෙවැනි අවස්ථාවක් ලබා ගන්න....
මෙහෙමයි, මේගොල්ල අපේ රටේ හොඳම බුද්ධිමතුන් එහාට ඇද ගන්නවා. ඔය ශිෂ්‍යත්ව අරගෙන ඒ රටට ගිය කිසි කෙනෙක් ආයේ ආවේ නැහැනේ.
අපිත් උගත්, බුදධිමත්, පශ්චාත් උපාධි හදාරපු (රජයේ විශ්ව විද්‍යාල) , වෘත්තීමය පලපුරුද්ද්‍ර තියෙන අය තමා. අපිත් ආසයි දැනගන්න කොහොමද ඔය මහා ලොකු ශිෂත්ව ප්‍රධානය කලේ කියල. දේශපාලන වෙනුවෙන් කඩේ ගිය අයටද ඇත්තටම සුදුසුකම් තියෙන අයටද.
මේවාට අයදුම් කරන්නේ කෙසේද ?
මේවා දෙන්නේ හිතවතුන්ට මිස වෙන කාටද?ලැබිය යුත්තෝ බලා සිටීවි
ශ්‍රි ලාංකිය ජන විඥාණයේ තරම කොමෙන්ට් වලින් පේනවා. මේ ශිෂ්‍යත්ව දෙන්නේ උපාධිධාරි රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ කරන ඉහළ නිලධාරීන්ට. සෑම වර්ෂයකම ශිෂ්‍යත්ව 20-30 ක් අතර ලබා දෙනවා. දේශපාලනයක් නැහැ. මේ පිළිබද විස්තර වෙබ් එකෙන් ගන්න පුලුවන්. ඔස්ට්‍රෙලියාවෙන් ඇවිල්ලා තොරන්නේ පාරදෘෂ්‍ය ක්‍රමවේදයකට. ඕනෑම කෙනෙකුට මේ ගැන විස්තර ඕස්ඒඩ් ස්කොලර්ශිප් ශ්‍රි ලංකා වෙබ් සයිඩ් එකෙන් ගන්න පුලුවන්.