IMG-LOGO

ඔරියන්ට් ෆිනෑන්ස් සේවය කිරීමට හොඳම ආයතන අතරට

ජනශක්ති සමූහයේ සාමාජික ආයතනයක් වන Orient Finance PLCසමාගම සිය වෘත්තිකයන්ට සේවය කිරීමට වඩාත් සුදුසු විශිෂ්ට පරිසරයක් ආයතනය තුළ නිර්මාණය කරදීම වෙනුවෙන් නොකඩවා දෙවැනි වරටත් Great Place to Work ® විශිෂ්ටත්වයේ සහතිකකරණය ලබා ගැනීමට සමත්විය.

ආයතනයක් සතු අගනාම වස්තුව එම ආයතනයේ සේවකයන් යන මූලික සංකල්පය පෙරදැරිව ධනාත්මක වෘත්තීය පරිසරයක් ස්ථාපිත කිරීමට ආයතනය විසින් අඛණ්ඩව සිදුකරනා කැපවීමට මෙම සහතිකකරණය මගින් තවත් වටිනාකමක් එක් වූ බව එම සමාගම කියයි.

Great Place to Work ® යනු ආයතනයක් තුළ වෘත්තීය පරිසරය මෙන්ම සේවකයන්ගේ ධනාත්මකභාවය මැන බැලීම සඳහා සේවක අදහස් නිර්නාමිකව එකතු කරගනිමින් ස්වාධීන දත්ත විෂ්ලේශනයක් ඔස්සේ ලබාදෙන්නා වූ සහතිකකරණයකි. එම විෂ්ලේශනයේ තොරතුරු දත්ත පදනම් කරගෙන ආයතනය තුළ වෘත්තීය විශ්වාසය ගොඩනැංවීම, උසස් කාර්ය සාධනයක් සහිත වෘත්තීය පරිසරයක් ගොඩනැංවීම හරහා සේවක යහපැවැත්ම වැඩිකිරීම සහ ව්‍යාපාරයේ සාර්ථකත්වය ගොඩ නංවා ගැනීමට මෙමගින් සහය ලබාදෙයි.

 මෙම විශිෂ්ටත්වයේ ජයග්‍රහණය ගැන සිය අදහස් දැක්වූ අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් මහතා මෙසේ පැවසීය.“දෙවැනි වරටත් අප ආයතනයට Great Place to Work® සහතිකකරණය ලැබීම මගින් වඩාත් උසස් වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට අප දිගටම සිදුකරමින් යන කාර්යභාරයට වඩාත් ඉහළ ඇගයීමක් ලැබුණා. ඒ වගේම තවදුරටත් සේවකයන් සමග සමීප වෙමින් ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් ඔවුන්ට වැඩකරන්නට සුදුසු පරිසරයක් අප ආයතනය තුළ ගොඩනැංවීමට අපට අවශ්‍යයි. අපගේ සේවකයන්ගේ නව අදහස් සහ නිර්මාණශීලීත්ව අගය කරමින් එයට දිරි දෙමින් වඩාත් ධානාත්මක සහ සේවක සහයෝගීත්වය සපිරි පරිසරයක් ගොඩනංවා ගැනීමට අප හැමදාමත් කැපවෙනවා, වඩාත් විශිෂ්ට ආයතනයක් ලෙස අපට සාර්ථකත්වයට පත්වෙන්න හැකියාව ලැබෙන්නේ මෙවන් ආයතනික ගුණාංග තුළින්ම පමණයි."

දිවයින පුරා ශාඛා 31කින් සමන්විත  Orient Finance PLC  ආයතනය විසින් ඉතිරි කිරීමේ ගිණුම් සේවා, තැන්පතු, ලීසිං පහසුකම්, කුළී පිට ගැණුම්, රන් ණය, විකල්ප මුල්‍ය විසඳුම්, ආයතනික මුල්‍යකරණය සහ තවත් මුල්‍ය සේවා රැසක් සපයයි.

595



අදහස් (0)

ඔරියන්ට් ෆිනෑන්ස් සේවය කිරීමට හොඳම ආයතන අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 545 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 974 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site