කාලානුරූපී නත්තල් සම්ප්‍රදායන්ට මුල් තැනක් ලබා දෙමින් නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක් පසුගිය නොවැම්බර් 1 වැනිදා ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම සිත් ඇදගන්නාසුළු ඉසව්ව ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි විධායක සූපවේදියකු විසින් මෙහෙයවන අති දක්ෂ සූපවේදී කණ්ඩායමක මූලිකත්වයෙන් සිදු වූ අතර, ඔවුන්ගේ කලාත්මක බව සහ කැපවීමෙන්, සම්ප්‍රදාය ආරක්ෂා කරගැනීම පමණක් නොව නව මානයකට ඔසවා තැබීමට ඔවුහු සහතික වූහ.
මෙම උත්සවයේදී නත්තල් කේක් මිශ්‍රණය සඳහා ඇරෝමැටික කුළුබඩු, පලතුරු යුෂ සහ ප්‍රිමියම් ස්ප්‍රීතු යොදා ගත් අතර, සියලුම අමුත්තෝ මනා උද්යෝගයකින් මෙම විශේෂ කටයුත්තට එක්වූහ. එමෙන්ම මෙම නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයෙන් සූපශාස්ත්‍ර සීමා අභිබවා ගිය සංවේදී සතුටක් ඉතිරි කළේය. ගෞරවනීය ගෘහස්ථ අමුත්තන්, ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පුද්ගලයන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්, පක්ෂපාතී අනුග්‍රාහකයන් සහ සුභ පතන්නන්ගේ සුවිශේෂී එක්රැස්වීමක් ලෙස දැක්විය හැකි මෙම උත්සවය, සාමූහිකත්වය, ආදරණීය අවස්ථා සමග බැඳුණු විචිත්‍රවත් මොහොතක් බවට පරිවර්තනය විය.
රැස්ව සිටි පිරිස අමතමින්, බාර්සිලෝ හෝටල් සමූහයේ මැද පෙරදිග සහ APAC හි වාණිජ අධ්‍යක්ෂ මිගෙල් මටෙඕස් මහතා මෙම අවස්ථාව පිළිබඳව සිය සතුට පළ කළේය. “මෙම උත්සවය ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා පමණක් නොව, ශ්‍රී ලංකා ඔක්සිඩෙන්ටල් හොටෙල්ස් සහ කීර්තිමත් බාර්සිලෝ හෝටල් සමූහයේ ඇති ශක්තිමත් සම්බන්ධතාවය ප්‍රදර්ශනය කිරීමක් ලෙස ද ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ ඇති කලාව, සංස්කෘතිය මෙන්ම සිත් ඇදගන්නාසුළු භූ දර්ශන සහ සුවිශේෂී සැලසුම් අංගයන්ගෙන් ආභාසය ලබා ගනිමින්, ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල මෙම කාලානුරූපී සම්ප්‍රදාය සඳහා පරිපූර්ණ පසුබිමක් සපයයි. අපගේ නත්තල් කේක් මිශ්‍රණයේ ඇති අමුද්‍රව්‍ය කලාත්මක ලෙස මිශ්‍ර කිරීම මෙන්, මෙම අවස්ථාව අපගේ ප්‍රජාවගේ විවිධ මූලයන් එකමුතු වන විට ඇති වන මායාව විදහා දක්වනු ලබනවා. ඒ සෑම දෙයක්ම සැබැවින්ම අද්විතීය යමක් නිර්මාණය කිරීමට සමත් වේ.”
ශ්‍රී ලංකා බාර්සිලෝ හෝටල් සමූහයේ නවතම ආභරණය වන ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල, පෙර හැඳින්වූයේ, ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා ලෙසයි. එය බ්‍රවුන්ස් ආයෝජන සතු අතර, ඔවුන්ගේ ඔක්සිඩෙන්ටල් සන්නාමය යටතේ ලෝක ප්‍රකට බාර්සිලෝ හෝටල් සමූහය විසින් කළමනාකරණය කරනු ලබයි.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක්