
භානුක අමරසිංහ
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.
මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් CAL Research ආයතනය සකස් කළ වාර්තාවක මේ පිළිබඳව සටහන්ව තිබේ. ඔක්තෝබර් මාසයට අදාළව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. කෙසේ වෙතත් මෙම අගයන් 2018 වසරේ පැවැති මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එම ආයතනය සඳහන් කරයි.
මෙහිදී ඔක්තෝබර් මාසයේ වැඩිම ලියාපදිංචියක් සිදු කෙරුණු කාණ්ඩය යතුරු පැදි ලෙස සටහන්ව තිබේ. එය සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 69 කි. එසේම වසරේ මේ දක්වා සිදු කෙරුණු සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 72ක් යතුරු පැදි වෙයි. ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව 32,768ක් වන අතර එය සැප්තැම්බරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි 32,626 ට සාපේක්ෂව සියයට 0.4ක අඩුවීමකි.
ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරී ඇති මෝටර් කාර් රථ සංඛ්‍යාව 9,205 ක් වන අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් කාර් සංඛ්‍යාව වූ 10,146 ට සාපේක්ෂව සියයට 9ක අඩුවීමකි.
එසේම ඔක්තෝබරයේදී ත්‍රිරෝද රථ 2,541ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 3,015 ට සාපේක්ෂව සියයට 16ක අඩුවීමකි.
මේ අතර ඔක්තෝබර් මාසයේදී ලොරි සහ බස් රථ ලියාපදිංචිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි CAL Research ආයතනය පවසයි. ඒ අනුව ඔක්තෝබරයේදී ලොරි රථ 1,068ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ලොරි රථ 994 ට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයකි. එසේම ඔක්තෝබරයේදී බස් රථ 131 ක් ලියාපදිංචි කර ඇති අතර, එය සැප්තැම්බරයට සාපේක්ෂව සියයට 3ක වර්ධනයකි.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඔක්තෝබරයේ මෝටර් රථ ලියාපදිංචිය සියයට 2 කින් පහළට