ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ අලංකරණ තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් සිය ජනප්‍රියතම ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය වන Classique GLO (ක්ලැසික් ග්ලෝ) වැඩිදියුණු කර නැවත වෙළෙඳපොළට හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි.
මෙලෙස Classique GLO නිෂ්පාදනය නැවත දියත් කිරීම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ දිවයින පුරා විසිරුණු දහස් සංඛ්‍යාත අලෙවි නියෝජිතයන් වෙනුවෙන් ‘The Uprising – Together for a GLO’rious Future’යන තේමාව යටතේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන පැවත්වුණු උත්සව මාලාවක් හරහා සිදු වීම විශේෂත්වයකි.
මෙලෙස වැඩිදියුණු කර නැවත දියත් කළ Classique GLO නිෂ්පාදනය, ජර්මන් පොලිමර් තාක්ෂණය ඇසුරෙන් එක් කළ කුණු පැල්ලම් සහ සලකුණුවලට ඔරොත්තු දෙන ස්වභාවය නිසා සුවිශේෂී වන අතර, මෙය නිවෙස් හිමියන්ට ගෘහභාණ්ඩ සහ වෙනත් දෑ බිත්තිවල ඇතිල්ලීම නිසා ඇතිවන එදිනෙදා කුණු පැල්ලම් සහ සලකුණුවීම්වලින් දීර්ඝකාලීන ආරක්ෂණයක් ලබා දෙයි. වසර පහක වගකීමේ සහතිකයක් සමග එන නව වැඩිදියුණු කළ Classique GLO තීන්ත උසස්ම නිමාවේ ගෘහ පින්තාරුකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රමිති මෙන්ම කල් පැවැත්ම සහ කාර්යසාධනය සම්බන්ධයෙන්ද පැවති පිළිගත් ප්‍රමිති අභිබවා යන විශිෂ්ට නිෂ්පාදනයක් ලෙසින් හැඳින්විය හැකිය.
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ අලෙවි නියෝජිතයන්ට නව වැඩිදියුණු කළ Classique GLO නිෂ්පාදනය හඳුන්වාදීම සඳහා සංවිධානය කෙරුණු උත්සව මාලාවේ ප්‍රධානතම උත්සවය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවති අතර, ඊට දිවයිනේ නන් දෙසින් පැමිණි අලෙවි නියෝජිතයෝ 400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. මෙම අවස්ථාවට ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝෂෆ් ඊපන්, එම සමාගමේ දකුණු ආසියානු සහ පැසිෆික් දූපත් කලාපය සඳහා ප්‍රධානී බුධාදිත්‍ය මුඛර්ජී, ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන් යන මහත්වරුන් ප්‍රමුඛ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර ජාලයේ ඉහළ නිලධාරීන් සහ කළමනාකාරීත්වයේ සාමාජික/සාමාජිකාවෝ රැසක් සහභාගී වූහ.
Classique GLO උත්සව මාලාවේ අනෙකුත් උත්සව සිට්‍රස් වස්කඩුව සහ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් යන හෝටල්වල එම කලාපයන්හි අලෙවි නියෝජත ජාලයන් ආවරණය වන ආකාරයට සංවිධානය කෙරී තිබුණු අතර, අලෙවි නියෝජිතවරුන්ට නව Classique GLO නිෂ්පාදනයේ විශේෂත්වයන්, එහි ප්‍රවර්ධන කටයුතු සහ පාරිභෝගික ඉල්ලුම කළමනාකරණය කරගන්නා ආකාරය වැනි කරුණු පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම මෙම වැඩසසටහන් මාලාව හරහා සිදු කෙරිණි.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වැඩිදියුණු කළ CLASSIQUE GLO ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නැවත වෙළෙඳපොළට