එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 සංවත්සරය නිමිත්තෙන් සියලුම ශාඛාවල නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ කඳවුරු සංවිධානය කර ඇතැයි එම ආයතනය කියයි.
මේ වන විට කොල්ලුපිටිය, වැල්ලවත්ත, දෙහිවල, මාලඹේ සහ කිරිබත්ගොඩ ශාඛාවල පවත්වාගෙන යනු ලබන මෙම අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ කඳවුරු ජූනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. ශ්‍රී ලාංකීය පුරවැසියන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින මෙවන් අවධියක, නොමිලේ පවත්වන මෙම අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍යය කඳවුරු මඟින් ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ඇස් පෙනීම සහ ශ්‍රවණය පරීක්ෂා කර, වඩා හොඳින් රැකබලා ගැනීමට අවස්ථාව සැලසේ. පරීක්ෂාවෙන් පසුව, එරික් රාජපක්ෂ ශාඛා වෙතින් ලබා ගත හැකි තෝරාගත් අක්ෂි සහ ශ්‍රවණ සත්කාර නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් ද පිරිනමනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා සිටින ශ්‍රී ලාංකිකයන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටිනවා. මෙවැනි අවස්ථාවකදී, අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍ය පිළිබඳව බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවන නමුත් එය එසේ නොවිය යුතුයි. අපි අපගේ 105 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සඳහා වැයවන මූල්‍ය බර ලිහිල් කිරීමට සහ ඔවුන්ගේ අක්ෂි සහ ශ්‍රවණය වඩා හොඳින් රැකබලා ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතු බවට අප තීරණය කළා- ඔබගේත්, ඔබගේ ආදරණීයයන් සියලු දෙනාගේත් අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍යය පරීක්ෂා කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස අප සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා.”
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එරික් රාජපක්ෂ 105 වැනි සංවත්සරයට නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ