
වසර 100කට වැඩි ක්ෂේත්‍රයේ විශේෂඥ අත්දැකීම් සපිරි ලංකාවේ උසස්ම අක්ෂි සෞඛ්‍ය සේවා සපයන්නකු වන එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය 2023 Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්‍රවිය.
මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබ තිබුණේ, ශ්‍රී ලංකාවේ තත්ව ඇගයීම් තක්සේරුකරුවන් ලෙස ප්‍රකට MUGP International Organization විසින් වන අතර එම සම්මාන රාත්‍රිය ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීය.
Pinnacle Sri Lanka සම්මාන, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජ සේවාවන්ට විවිධ සංවිධාන සිදුකර ඇති සේවා ඇගයීම් සිදුකරන ඇගයුම් ව්‍යුහයකි. ඔවුන් මෙහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යවසායකත්වය, වෙළඳ සන්නාම, සමූහ ආයතන, ව්‍යාපාරිකයන්, සමාජාරක්ෂණ සහ සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනඥයන් සහ ජනප්‍රිය චරිත හඳුනා ගනිමින් ඔවුන්ගේ සමාජ දායකත්වය සහ වෘත්තීය ජයග්‍රහණ ඇගයීමට භාජන කර සම්මාන ප්‍රදානය කරමින් ඔවුන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සහ රටේ සමස්ත අභිවෘද්ධියට දායකත්වය ලබාදීමට දිරි දෙයි.
සම්මාන ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළ එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්‍රවීම අපිට ඉතාම ගෞරවයක් වගේම අභිමානයක්. එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් අපි පවුලක්. පුංචිම සේවකයාගේ සිට ඉහළම සේවකයා දක්වා ඒ පවුලේ සෑම සියලු දෙනාටම මේ ජයග්‍රහණයට නොපිරිහෙළා තමන්ගේ දායකත්වය ලබාදීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්න වෙනවා. මීට ශතවර්ෂයකට කලින් අපි පටන් ගත්ත දා පටන් ලංකාවේ පුරවැසියන්ට ගැළපෙන හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා ලබාදීමට අපි උපරිමයෙන් කැපවෙලා තියෙනවා.
ලෝකය වේගවත්ව වෙනස් වෙනවා නමුත් අපි අපේ උපරිම පාරිභෝගික සේවා සත්කාරයේ අරමුණ වෙනස් කරගෙන නෑ. අදත් අපිට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන පාරිභෝගිකයන් විශාල පිරිසක් එන්නේ අන්න ඒ නිසයි. මේ සම්මානය ලැබීමෙන් ඒ අපේ දැක්ම මොනවට පැහැදිලි වෙනවා, ඒවගේම ඉදිරියට එන කාලය වඩාත් හොඳින් සේවා ලබාදෙමින් ඉතාම සාර්ථකව ඉදිරියට යාමට අපිට ශක්තිය තියෙනවා.”
එරික් රාජපක්ෂ ආයතනයේ ශාඛා කොල්ලුපිටිය, වැල්ලවත්ත. දෙහිවල, මාලඹේ, කිරිබත්ගොඩ සහ මහනුවර යන නගරවල පිහිටා ඇත.
595

2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් Pinnacle සම්මාන ලබයි