IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


එයිට්කන් ස්පෙන්ස් පළමු කාර්තුවේ බිලියන 7.2ක ඓතිහාසික ලාභයක

රටවල් 8ක් පුරා, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික මෙහෙයුම් පද්ධතියකින් සමන්විත, එයිට්කන් ස්පෙන්ස් සමාගම, පසුගිය ජුනි 30 වැනි දිනෙන් අවසන් වූ පළමු වැනි කාර්තුව තුළ අතිවිශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කර තිබේ. එයිට්කන් ස්පෙන්ස් සමාගම, එම කාලය තුළ සිය බදුපෙර ලාබයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ රුපියල් බිලියන 7.2 ක ලාභයක් පෙන්නුම් කරමිනි.

මෙම රුපියල්  බිලියන 7.2 ක ලාභය, ඊට පෙර වසරේ පැවැති රුපියල් මිලියන 467 ක අලාභයට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයකි. එමෙන්ම වසර 150 ක් පුරා විහිදුණු අනභිබවනීය උරුමයක් හිමි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය, සිය කීර්තිමත් ඉතිහාසයේ පළමුවැනි කාර්තුව වෙනුවෙන් වාර්තා කළ ඉහළම සාර්ථකත්වය ද මෙය වේ.

වත්මන් ආර්ථික අර්බුදයෙන් පැන නගින බහුවිධ බාධක මධ්‍යයේ වුවද මෙවන් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම සමාගමේ සේවකයන්ගේත් පරිපාලන නිලධාරීන්ගේත් අද්වීතීය කැපවීම මෙන්ම ඉහළ කාර්ය සාධනය සහතික කිරීමකි.

ඉපැයීම්-කොටස්, ගිණුම්ගත ආයෝජකයන් ඇතුළුව පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමාණුකූල ක්ෂයවීම් හරහා ශුන්‍යයට ළඟාවීම් යන සියල්ල ගණනය කිරීමෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය පෙර වසරේ වාර්තා කළ ලාභය රුපියල් බිලියන 1.7 කි. එහෙත් මෙවර පළමු කාර්තුවේ දී ලබාගත් රුපියල් බිලියන 10.9 පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 553 ක වර්ධනයකි.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 6.3 ක් හෙවත් මිලියන 6300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේදී විඳගැනීමට සිදුවූ රුපියල් මිලියන 683 ක අලාභයට සාපේක්‍ෂව අතිවිශාල වර්ධනයකි.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් සමුද්‍රීය හා භාණ්ඩ ප්‍රවාහන අංශයෙන් වාර්තා වූ බදු පෙර ලාභය රුපියල් බිලියන 2.7 කි. එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 221.9 වර්ධනයකි. එය විදේශීය මෙහෙයුම්, ලයිනර් නැව් අංශ සහ සමුද්‍රීය උසස් අධ්‍යාපන අංශයෙන් වැඩිදියුණු වූ කාර්ය සාධනයක් මගින් අත්කරගන්නා ලද ලාභයකි.

උපාය මාර්ගික ආයෝජන අංශයේ පෙරබදු ලාභය රුපියල් බිලියන 4.5 කි. එය ඇඟලු‍ම්, වැවිලි කර්මාන්ත, මුද්‍රිත නිෂ්පාදන සහ ඇසුරුම් අංශයේ දායකත්වය මත හිමිකාර සමාගමෙහි වාර්තා වූ සැලකිය යුතු විනිමය ලාභයකි. එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සේවා අංශයේ කාර්ය සාධනය ද ප්‍රශංසනීය මට්ටමක වාර්තා විය. එහි බදු පෙර ලාභය රුපියල් මිලියන 307 ක් එනම් සියයට 162.8 වර්ධනයකි.  එ් අතුරින් ශක්තිමත් දායකත්වයක් දැක්වූයේ මුදල් හුවමාරු අංශයයි.

සමූහයේ සංචාරක අංශය ද ප්‍රබල පෙරළියක් කරමින් සියයට 205.9 ක දියුණුවක් පෙන්වීය. එහි ආදායම රුපියල්  බිලියන 10.1 කි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් වන පවතින ඉන්ධන හිඟය තිබියදීත්, පාඩුව අවප්‍රමාණවීම සියයට 80.2 කින් නවතා ගැනීමට සමාගම සමත්ව තිබේ.

මෙම අභියෝග මධ්‍යයේ වූවත්, සමූහයේ සංචාරක අංශය විදේශයන්හි ඔවුන්ගේ සමහර හෝටල්වලින් සහ ගමනාන්ත කළමනාකරණ මෙහෙයුම්වලින් ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ. රුපියල අවප්‍රමාණයවීම ද මෙම අංශයේ ආදායම වැඩිවීමට සහ පාඩු අඩුවීමට තවදුරටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අතිශය ප්‍රසාදයට පත්ව සිටින එයිට්කන් ස්පෙන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේක තවත් අතිශය අභියෝගාත්මක කාර්තුවක්. ඒත්  අපගේ වෙහෙස මහන්සි වී වැඩ කරන කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන ලද, ඕනෑම තත්ත්වයක් යටතේ පවත්වාගෙන යා හැකි පරිවර්තනීය සහ ඔරොත්තු දෙන උපාය මාර්ග අපගේ ඉහළ මෙන්ම පහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයට දායක වී තිබෙනවා”

“අපි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕනා. අපි අපේ ක්‍රියාමාර්ග දිගටම කරගෙන ඉදිරියට යනවා. එහෙම ඉදිරියට යද්දී, සමූහයේ සහ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ප්‍රකෘති තත්ත්වයට ගත හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා,”
ඉතාම මෑතකදී, එනම් ජූලි මාසයේදී, එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් දේශීය හා ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක කරා යමින් සූර්ය බලාගාරයක් අත්පත් කරගත්තේය. එහි වටිනාකම රුපියල් බිලියන 1.4 ක් හෙවත් මිලියන 1400 කි.  මෙම ආයෝජනය පුනර්ජනනීය බලශක්තිය මගින්, ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම පිරිසුදු බලශක්තියට ප්‍රවේශවීම සහ ඉහළ යන බලශක්ති ඉල්ලු‍මට ධනාත්මක ලෙස දායකවීමටය. මේ සඳහා එයිට්කන් ස්පෙන්ස් සමූහයේ කැපවීම අතිමහත්ය.

එයිට්කන් ස්පෙන්ස් සමාගම යනු ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පැතිරී ඇති දැවැන්ත ව්‍යාපාර සමූහයකි. එම රටවල කර්මාන්ත 16 ක් පුරා සේවකයෝ 12,500 කට අධික සංඛ්‍යාවක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසීමෙන් කටයුතු කරති.

595



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් පළමු කාර්තුවේ බිලියන 7.2ක ඓතිහාසික ලාභයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site