IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් කරයි

(ඩයනා උදයංගනී)
 
එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ හිමිවන පිරිස පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
 
ඒ අනුව තාක්‍ෂණික ක්ෂේත්‍රයේ  රැකියාවල නියුතුව සිටින අයට, ජාතික වෘත්තීය සුදුසුකම් (එන්.වී.කියු) 5,6 හා 7 මට්ටම් සපුරා ඇති වෘත්තිකයින්ට, සුළු පරිමාණ සත්ත්ව පාලන අංශවල නියුතු අයට, දිරාපත්වන ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට ඉදිරියේදී මෙම වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වන සහන ණය යෝජනාවල ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
 
මේ සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා   ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (0)

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site